සිතුල්පව්ව විහාරධිපති හිමියන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?

September 19, 2017 | 12:22 pm    0   183

සිතුල්පව්ව විහාරධිපති හිමියන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?

සිතුල්පව්ව රජමහ විහාරාධිපති හිමියන් අත්අඩංගුවටගැනීමේ සුදානමක් පවතින බව එම හිමියන් පවසයි. ඒ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානවලට හානි කිරීමේ චෝදනා මත තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව සඳහන් කරමිනි.

එයට හේතුව වශයෙන් උන්වහන්සේ සඳහන් කරන්නේ  සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ පිහිටි ගල් ලෙන්වල බුදු පිළිම ස්ථාපිත කිරීමයි.

අදාළ ලෙන් ආරක්ෂාකර ගැනීමේ අරමුණින් සහ ඒවායේ සිදුවන විෂමාචාර අවම කිරිමේ අරමුණින් ඒවායේ බුදු පිළිම තැන්පත් කළ බව ද විහාරාධිපති හිමියන් කියා සිටියා.

කෙසේ වෙතත් පුරා වස්තු විනාශ කිරීමට තමන් කිසිවිටෙකත් ක්‍රියා කර නොමැති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් ඊයේ (18) සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරතවූහ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කලේ මේ පිලිබ්නදව අද(19) දිනය ඇතුළත පැහැදිලි කිරීමක් සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: