සිනමාවේ එක් යුගයක වසන්තය නිමා විය

April 9, 2017 | 11:15 am    0   137

සිනමාවේ එක් යුගයක වසන්තය නිමා විය

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු අසූවැනි වියේ පසුවුණා.

කලක් ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූනා.

වසන්ත ඔබේසේකර යනු මෙරට ලාංකේය සිනමාවේ සුවිශේෂී සිනමා නිර්මාපකයෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගත් ඔහු ප‍්‍රථමයෙන්ම ලේක්හවුස් ආයතනයේ තම සේවය ආරම්භ කළේ 1964 වසරේදී යි.

අනතරුව 1967 වසරේ සිරි ගුණසිංහයන්ගේ ‘සත්සමුදුර’ සිනමා නිර්මාණයේ සහාය තිර කතා රචක ලෙස සහ සහාය අධ්‍යක්‍ෂවරයා ලෙස සිනමාව ට එක්වන වසන්ත ඔබේසේකර 1970දී තම ප‍්‍රථම සිනමා නිිර්මාණය වූ ‘වෙස්ගත්තෝ’ තිර රචනා කරමින් අධ්‍යක්‍ෂණය කරනු ලැබුවා.

අනතුරුව ‘වල්මත්වූවෝ’,’දියමන්ති’ ,’පළගැටියෝ’ චිත්‍රපට තුලින් ඔහු තම හැකියාවන් පෙන්වනු ලැබුවා.

වසන්ත සිනමාව තම අණසකට යටත් කරගත් ආධිපත්‍යධාරී සිනමාකරුවකු වන අතර ඒ නිසාම ඔහු තම නිර්මාණයන් තුළින් සිනමාවේ විවිධ පර්යේෂණ කිරීමට පෙළඹුනා.

 

-සටහන – නෙත් නිව්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: