සිනමාවේ රන් සමනලයා අදටත්, දේශපාලනයේ මිය ගියා

February 14, 2017 | 11:15 am    0   471

සිනමාවේ රන් සමනලයා අදටත්, දේශපාලනයේ මිය ගියා

රත්තරන් හිතක් සහිත රන් සමනලයෙක් බඳු රංගන ශිල්පියෙක් අයුක්තියට අසාධාරණයට එරෙහිව දේශපාලනයට ආවා. සමනලයාට ආදරේ රසික මල්වත්ත බය වෙන්න ඇති, අපිට අපේ රන් සමනලයා නැති වෙයි කියලා.

දේශපාලකයන් පුදුම වෙන්න ඇති මේ කොණ්ඩෙ බොකුටු රන් සමනලයා දේශපාලනයේදී අනාගෙන නාගෙන වරද්දගෙන රන් සමනලයෙක් නොව මුල් දළඹුවා බවට පත්වෙනු ඇතැයි සිතා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් අඳුරු දිනවල මේ රන් සමනලයාට වැරැද්ද වූ බව ඔහු නො දැනීම ඔහු පරද්දපු බව ගීත ගයන, නටන, දේශපාලනයේදී නො නැමුණ ඔහු දැනන් ඉන්න ඇති.

ඔහු නිතරම කිව්වා මරණය යන වචනයට මම කිසි බියක් නෑ කියලා. විටෙක ඔහු රංගනයේදී පැවසුව ගසක ගෙඩිවලින් ගස හඳුනාගන්න – යමෙකුගේ ක්‍රියා කලාපයෙන් ඔහු හඳුනාගන්න කියලා. හමුදා සෙබලා යනු උදේ නැඟිට දකින දකින තැනට වෙඩි තියාගෙන පිස්සුවෙන් මෙන් ඉදිරියට කැපී පෙනෙන්නට යන්නා නො වන බව රණවිරුවන් අපිට කියාදුන්නා. එය ක්‍රියාවලියක්, මෙහෙයුමක්. දකින දකින එන එන බෝලයට පිස්සුවෙන් මෙන් පහරදී තනියම කැපී පෙනී තරගයම පරාජය විය යුතු නැති බව ක්‍රිකට් ක්‍රීඩකයන් කියාදුන්න අපිට එය ක්‍රියාවලියක්, මෙහෙයුමක්. ඇත්ත කතා කරන, වැඩපිළිවෙලක් ඇති තමන් කතා කරන දේ ගැන වගකීමක් ඇති දර්ශනයක් ඇති හිස් නළුවෙක් නො වන බව මෙන්ම එහෙම නළුවෙක් නො වන මානව හිතවාදියෙක් මරා දමන්න පිටවෙන උණ්ඩය තම ජීවිතය උදුරාගෙන යන්නට එන ගමනත් මෙහෙයුමක්, ක්‍රියාවලියක් බව කියා දෙයි රන් සමනලයා අනාගත පරපුරට.
කොම්පඤ්ඤවීදියේ, පොලිසිය තුළ නිහඬ කලබලයක්. ඉතා රහසිගතව එහි පැමිණෙන අඳුරු වීදුරු සහිත රථයක්. මහා කලබල නගරය නිවී නින්දක ඇති මහා රෑ හිරකූඩුව වෙත ඇදෙන පංගු දේහධාරී හෙවණැල්ල වෙනුවෙන් හිර කූඩුවල යකඩකූරු හිර කළ යතුරු වෙඬරු මෙන් සුලලිතව කැරකෙන්නේ ඒ පැමිණියේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා නිසා මිස හිරකූඩුවේ සිටි දෙදෙනා නිසා නම් නොවේ. හිරකූඩුවේ සිටි දෙදෙනා රටම රත්කොට තිබුණ අනාවරණය කරගත යුතු විශාල දේශපාලන කුමන්ත්‍රණයක අවසන් නියෝගය ක්‍රියා කළ සහ එම අවසන් නියෝගය දැන සිටි එකම දෙදෙනාම විය.

නමුත් ඔවුන්ගේ ප්‍රකාශ සහ ඔවුන්ගෙ ඉරණම අනාගතයේ වැලලෙන බව ඔවුන් දැන සිටින්නට ඇත. ඔවුන් ක්‍රියාත්මක වූ දින දහවල් 12.45 ප්‍රවෘත්තිය රටක් නොව ලොවක් කම්පා කර තිබුණි.

ඔව්….. 1945 ඔක්තෝබර් 09 ඉපදුණ රන් සමනලයා 1988 පෙබරවාරි 16 වෙනි දින ගුවන්විදුලි ප්‍රවෘත්තියේ ප්‍රධාන නළුවා බවට අවසන් වරට පත් වුණි.
“සමනලයාට වෙඩි තිබ්බා” කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නැති නම් විජය කුමාරණතුංග තම ජීවිතය මෙන්ම පිරිමියෙක් සතු විය යුතු කටහඬ පිට කළ දයාබර ගාම්භීර ආදරණීය මුහුණ ද නැවත හදන්න බැරි තරමට විනාස කරනට ඉඩදී සදහටම දෑස් පියාගත්තා.

27 ශ්‍රී 7227 වාහනය හැර තමා ළඟ සිටි මිනිසුන් සියල්ල පළමු වෙඩි පහර හොන්ඩා බයිසිකලයේ පිටිපසින් ලයනල් රණසිංහ නිකුත් කරන විටම පලා ගොස් හැංඟුණා. ටාසන් වීරසිංහ බයිසිකලයට වී උඩ පැන පැන විජය කුමාරණතුංගයන්ගේ මුහුණට ඊ56 පිටවෙන වෙඩි පාරවල් දිහා බලා ඉන්න ඇති. මරා දැමුණ විජය කුමාරතුංගයන් සජීවීව ලංකා ඉතිහාසයේ විකාශනය කළ රටම දැක්ක වැඩිම සෙනඟක් පැමිණි මළගෙදරක තමන්ගේ මරණය මතින් ශ්‍රී ලංකාවේ හතරවෙනි විධායක ජනාධිපතිනිය බිහි කරන විට ලයනල් සහ ටාසන් මුළු රටටම හොරෙන් කිසිවෙක් නැති තැනක යන්නම යැව්වා. ඔවුන්ගේ මරණය දන්නෙත් ඔවුන්ම පමණයි.

එදා ආරක්ෂක නියෝජ්‍ය ඇමති කොම්පඤ්ඤවීදියේ පොලිසියේදී රහසේ හමුවූයේ විජය ඝාතකයන් දෙදෙනායි. ඔවුන් ලොවට හොරෙන් මිය ගියාට රන්ජන් විජේරත්න මහපාරේ විජය මෙන්ම ප්‍රවෘත්තියක් වී මිය ගියා.
විජය ඝාතනය ගැන ඊළඟය පත් වූ ප්‍රේමදාස ජනපති සොයා බැලිය යුතුව තිබුණා. රහස් පොලිසියේ අධ්‍යක්ෂ බෙනට් පෙරේරා මහතා විජය ඝාතනය ගැන උනන්දුවෙන් ක්‍රියාත්මක වී සිටියේ උ.ඒ.විජේසිංහ පොලිස් පරීක්ෂකවරයා සමඟ එකතුව රහස සොයනවා වෙනුවෙට ප්‍රේමදාස මහතා පැයක් ඇතුළත බෙනට් පෙරේරා රහස් පොලිස් අධ්‍යක්ෂකවරයා පොලිස් මූලස්ථානයට යවා චන්ද්‍රා ජයවර්ධනට එම ස්ථානය ලබාදුන්නා. පොලිස් මූලස්ථානයට ගිය බෙනට් පෙරේරා මහතා දින කීපයකින් ඝාතනයට ලක් වෙනවා රහසේම. අ.ප්‍රේමදාස මහතා විජය කුමාරණතුංගයන් ලෙසම මහ මඟ ලොවක් බලා සිටියදී මිය යනවා.

පරිණත දේශපාලකයෙක් වූ බ්.අ.ජයවර්ධන මහතාගේ නළල රැලි කරවන දේශපාලනයක් කළ විජය දේශපාලන වේදිකාවේ වාචාලයෙක් වූයේ නැත. ගරු කරන සමාජයට ගරු කොට සිද්ධිය පක්ෂ අදහසට විරුද්ධව දේපාලනය කළේ ය. ආණ්ඩු පක්ෂයේ බලය අතට ගෙන නොව මර්දනකාරී විපක්ෂයේ සිට එවකට පැවති උව්ර්ථී පාලනයට විරුද්ධ විය. මිය යන දිනත් ඔහුව ඡායාරූප ගැනීමට බන්දුල පද්මකුමාරත් ඡායාරූප ශිල්පීන් සමඟ ඔහු හමුවට ගියා මිස කැමරාකරුවන් අරගෙන මනුස්සත්වය විකුණුවේ නැත. නමුත් අරුමයක මහිම. ඔහු 1988 මිය යන්න දින 16කය කලින් ඔහුව උව්ර්ථී රජයේ හෝ බ්ඍර්ථීය විසින් ඔළුව කුඩු කර මරා දමයි යැයි කුරුණෑගල රැස්වීමේදී ප්‍රකාශ කළා සේම නො කඩවා 83 සිට 88 දක්වා ජනප්‍රියම නළුවා සම්මානය ගත් විට ඔහු කීවේ “මේ රටේ මිනිස්සු මා කළ දේට ආස කළා. ඔවුන් මාව අමතක කළේ නෑ” කියායි.

සැබවින්ම 1988 පෙබරවාරි 16න් පසු ඔහුගේ දේශපාලනය සදහටම නිහඬ කරවිය. සදාදරණීය කලාකරුවාණෙනි, වසර 29ක් ඔබව මරා දමා. ඔබේ බිරිඳ ඊට පස්සේ ජනාධිපති වුණා. නමුත් දඟගෙයි දඬුවම් විඳ අළුගෝසුවන් අතින් ඔබ මිය යන එක නවත්තන්න බැරි වුණත්, හන්තාන කතාවේ සිට චිත්‍රපටි 114 තුළ මෙන්ම සුගායනීය හ¾ඩින් ඔබ තැනූ විජය කුමාරතුංග නම් වූ පිළිමය අදටත් රටේ මිනිසුන් අමතක කරලා නෑ. ඔබේ නැන්දණිය සිරිමාවෝ මැතිණිය, ඔබේ බිරිඳ හිටපු ජනපතිනිය වුණාට ඔබට මන්ත්‍රීකමටවත් යන්න පාර වැහුණා. නමුත් ඒ සියලුදෙනාට වඩා ඔබේ රූපය කුඩුපට්ටම් කළ ඔබේ මුහුණ ඇස් වහපු සැණින් අපේ පපුවේ මැවෙනවා. ඔබේ රූපෙට ආයුබෝවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: