සිය දියණිය මරා සැගවී සිටි මරණ දඩුවමට නියම වූ නරුම පියා වසර 6 පසු අත්අඩංගුවට…

June 12, 2017 | 12:22 pm    0   188

සිය දියණිය මරා සැගවී සිටි මරණ දඩුවමට නියම වූ නරුම පියා වසර 6 පසු අත්අඩංගුවට…

By Editor

රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ අරමුණෙන් සිය දියණිය ඝාතනය කළ නරුම පියෙකු මරණ දණ්ඩනයට නියමව තිබියදී වසර 6 ක් සැගවී සිටීමෙන් අනතුරුව ජුනි 10 වැනි දින පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙම අත්අඩංගුවට පත් තැනැත්තා 2009 වසරේදී සිය අවුරුදු 8 ක් වයසැති දියණිය අමානුෂීය ලෙස කපා කොටා ඝාතනය කර ඇති අතර, ඔහුගේ බිරිඳට ද කපා කොටා පහරදී තුවාල සිදු කර ඇති බවත් වාර්තා වේ.

එම වරද සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා නිදහස් වූ මෙම සැකකරු අධිකරණය මගහැර සිටීම නිසා ඔහු නොමැතිව නඩු විභාගය පවත්වා ඇත. ඉන්පසු  සැකකරු නොමැතිව පැවැත්වූ නඩු විභාගයෙන් අනතුරුව මනුෂ්‍ය ඝාතනය සම්බන්දයෙන් මරණිය දණ්ඩනය ද, බිරිඳව කපා කොට තුවාල සිදුකිරීමට එරෙහිව වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 7500 ක දඩයක් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර ඇත.

සැකකරු ඇපලබා සිටි කාලය තුළ අලවතුගොඩ ප්‍රදේශයේ විවාහක කාන්තාවක් සමඟ වාසය කර ඇති අතර, පසුව ඇය සතු දේපළ ද මොහු විසින් අත්පත්කරගෙන ඇත. ඉන් පසු බුත්තල ප්‍රදේශයේ කාන්තාවක් ද විවාහකරගෙන ඇති මෙම සැකකරුට දාව එම කාන්තාවට ද දරුවෙක් සිටින බව ද වාර්තා වී ඇත.

ඉන් අනතුරුව එම කාන්තාවද අත්හැර දමා ගිනිගත්හේන ප්‍රදේශයේ වඩු කාර්මිකයෙකු ලෙස වෙස්වලාගෙන  සිටියදී ගිනිගත්හේන පොලිසියට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් මරා දැමු දියණියට ලබාගෙන තිබු රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ චේතනාවෙන් සිය දියණිය ඝාතනය කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය විය.

මෙම චුදිතයා ඊයේ (11) හැටන් වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (12) නුවරඑලිය අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: