සිරිලක චෙට්‍ටිවරු

April 19, 2017 | 11:00 am    0   326

සිරිලක චෙට්‍ටිවරු

 

තාන වෛශ්‍ය නම් වූ ඉන්දියානු සිටුකුලයකට නෑකම් කියන අතීතයේ උතුරු ඉන්දියාවේද පසුව දකුණු ඉන්දියාවේද ජීවත් වූ මොවුන් නමින් “චෙට්ටිවරුන්(හෙට්ටි)” වේ.මොවුන් වෙළදාමෙහි අති දක්ශයෝ වූහ.අතීත ඉන්දියාවේ “බැංකු කටයුතු” වලට මුල්වූ මොවුන් රජවාසල සමීප කොට ජීවත් විය.විජය රජු මෙරටට පැමිණි පසු මෙරටට ගෙන්වාගත් විවිධ කුල වර්ග වලට අයත් පිරිස් අතර චෙට්ටිවරුන්ද සිටියහ.

ලන්දේසි හා පෘතුගීසි යටත් විජිත සමයන්හිදී බොහෝ චේට්ටීන් ලංකාවට සංක්‍රමණය වන විටත් මොවුන්ගෙන් පිරිස් මෙරට සිටියහ.වෙළඳ ව්‍යාපාර වල අතිදක්ෂයෝ වූවත් මුල් කාලයේ අනුරාධපුර ශ්‍රී මහ බෝධියේ ආරක්ශාව බාරව කටයුතු කොට ඇත්තේ මෙම චෙට්ටිවරුන් බව කියැවේ.මොවුන් බුදුදහම නගාසිටුවීමෙහි ලා නොපෙනෙන කාර්යභාරයක් සිදුකොට ඇති බව පෙනේ.

පුල්ලේ , අලස්, පෙරුමාල්, හෙට්ටිගේ, ඔන්ඩච්චි වැනි වාසගම් ඇති පිරිස් චෙට්ටිවරුන්ට නෑකම් කියති.නැසීගිය ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ චෙට්ටිවරයෙකි. හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන චෙට්ටිවරුන්ට නෑකම් කියූ පුද්ගලයෙකි.සුප්‍රසිද් ලේඛක මයිකල් ඔන්ඩච්චි මහතාද චෙට්ටිවරුන්ට නෑකම් කියයි.මුල්කාලයේ හින්දු ආගමිකයින් වූ මොවුන පසුව කිතුනු දහම වැළඳ ගත්හ.ඒ අතර බුදුදහම වැළඳ ගත් චෙට්ටිවරුන්ද සිටියහ.

කෙසේ නමුදු සිරිලක සාමාජීය නැගී සිටීමට අවශ්‍ය ශක්තිය මෙම චෙට්ටිවරුන් විසින් බොහෝ ලැබී තිබුනත්, ඔවුන් ගැන සඳහන්වන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයෙනි.එකල සිට ලක්දිව ජනගහනයෙන් 1% පමණ පිරිසක් වූ මොවුන් විවිධ දස්කම් වලින් අනූන වූ අතර,විවිධ ජනකොටස් අතර සිදුවූ විවාහ නිසා මුල්ම චෙට්ටිවරුන් ක්‍රමයෙන් මැකී ගියහ.අදටත් ප්‍රසිද්ධ කොළඹ හෙට්ටිවීදිය අතීතයේ(ලන්දේසි හා පෘතුගීසි සමය) මොවුන්ගේ ප්‍රධාන වෙළඳ කලාපය විය.

අනවශ්‍ය ලෙස සමාජයේ ඉලිප්පෙන්නට වෙර නොදැරුවත් චෙට්ටිවරුන් ලක්දිව බොහෝ වැදගත් කටයුතු උදෙසා( විශේෂයෙන් වෙළඳ හා මූල්‍ය) තම ශ්‍රමය කැපකල ජන කොට්ඨාශයක් බව හැඳින්විය හැක.

හසිත හේරත්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: