සිල්රෙදි වල දඩ ගෙවන්න හාමුදුරුවරු පිණ්ඩපාතයේ..

September 15, 2017 | 9:53 am    0   245

සිල්රෙදි වල  දඩ ගෙවන්න හාමුදුරුවරු පිණ්ඩපාතයේ..

සිල් රෙදි නඩුවට අදාළව මහාධිකරණය විසින් දඬුවම් නියම කරනු ලැබූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිටට පනවා ඇති දඩ මුදල් ගෙවීම සදහා භික්‍ෂූන් වහන්සේ පිරිසක් අද (15) පිණ්ඩපාත චාරිකාවක නිරත වීමට නියමිතයි.

එය පිටකොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින් උදෑසන 8 ට පමණ ආරම්භ වන අතර පිණ්ඩපාත චාරිකාව ආරම්භ කරනු ඇතැයි පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම හෙට (16) සහ අනිද්දා (17) යන දිනවලද මෙලෙස භික්‍ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ නිරත වන අතරම උන් වහන්සේ තවදුරටත් කියා සිටියේ සම්බුද්ධත්ව ජයන්ති කමිටුවේ ඉල්ලීමකට අනුව මෙම සිල් රෙදි බෙදා දීම සිදු වුණ අතර එබැවින් ඒ වගකීම හේතුකොට ගෙන මෙය සංවිධානය කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: