සිලෝන් මෝටර් ෂෝ අද ඇරඹෙයි

මෙරට විශාලතම රථ වාහන ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන ‘සිලෝන් මෝටර් ෂෝ 2017‘ ප්‍රදර්ශනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් අනුග්‍රහයෙන් අද (27දා) ආරම්භ වීමට නියමිතය.

අද ප.ව. 5.00 ට ආරම්භ වන ප්‍රදර්ශනය ජනවාරි 29 වැනිදා දක්වා පැවැත්වෙන අතර 28 සහ 29 දෙදින තුළ, එනම් සති අන්තයේ පෙ.ව. 9.30 සිට රාත්‍රී 11.00 දක්වා ප්‍රදර්ශනය විවෘතව තැබෙන බව සංවිධායකයෝ පවසති.

ලොව ප්‍රමුඛ පෙළේ රථවාහන සන්නාම යටතේ අලුතින්ම වෙළෙඳ පොළට පැමිණෙන, නවීන තාක්ෂණයන්ගෙන් පන්නරය ලැබූ කාර්, SUV රථ, යතුරුපැදි, වෑන් සහ අනෙකුත් වාණිජ රථවාහන වර්ග මෙන්ම අතීතයේ ප්‍රෞඪ නිර්මාණ ලෙස සදාකාලික වටිනාකමක් හිමිකරගෙන ඇති ඉපැරණි රථවාහන පෙළක්ද මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා රථවාහන අලෙවිකරුවන්ගේ සංගමය සහ ලංකා පැරණි මෝටර් රථ සමාජය එක්වී, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් හි දායකත්වය ඇතිව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරයි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 1 =