සිවුමැලියා සිකුරු ලියා…

March 24, 2017 | 11:00 am    0   311

සිවුමැලියා සිකුරු ලියා…

ස්පාඤ්ඤ ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ Luis Ricardo Falero ගේ
The Planet Venus නම් තෙල් සායම් සිතුවම. 1882 දි සිත්තම් කල මෙම සිතුවමේ දැක්වෙන්නේ සැබෑ සිකුරු ග්‍රහයා හා සිකුරු ග්‍රහයා පිළිඹඳ මිනිස් වර්ගයා ආරෝපණය කරගන සිටින මුහුණුවරයි. ආදරය හා කාමුකත්වය පිළිඹඳ දෙවිදුවක් වූ වීනස් දෙවුදුව සහ ඇය අසල ගැවසෙන ආදරය හා රාගය බෙදන “මල්සරාවරු“ සිවු දෙනෙකු සිතුවම් කොට ඇත.
සූර්යග්‍රහ මණ්ඩලයේ දෙවන ග්‍රහයා වූ සිකුරු ඉතා උණුසුම් ග්‍රහයකු වන අතර අම්ල වැසි හා විවිධ විෂ වායුන් පිරි කිසිදු ජීවයකින් තොර ග්‍රහයෙකි. සිකුරු තරුව ලෙසින් පෘතුවියට පෙනෙන සිකුරු පිළිඹඳ පෘතුවි වාසීන්ට ඇත්තේ ආදරණීය හැඟීමකි. “සිකුරු ලබනවා නම් අපට හොඳය“ යනුවෙන් ප්‍රේම සම්බන්ධතා වැඩිදියුනු වීම් වලදී කීවත් සිකුරු ග්‍රහයාගෙන් ප්‍රේම සම්බන්ධතාවලට ලැබෙන උදවු උපකාරයක් ඇත්තේම නැත.නිතරම පුපුරමින් , පිච්චෙමින් තමා වටාවත් භ්‍රමණය නොවන විශ ගුලියකින් ප්‍රේමය පතන පෘතුවි වාසීන් ගැන කවර කතාද…!!

සිවුමැලියා සිකුරු ලියා...
හසිත හේරත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: