සිසුවකුගේ කන පැලූ මැර සිසුන් තිදෙනෙක් සරසවියෙන් නෙරපයි

February 23, 2017 | 11:44 am    0   460

සිසුවකුගේ කන පැලූ මැර සිසුන් තිදෙනෙක් සරසවියෙන් නෙරපයි

ශිෂ්‍ය නියෝජිත රැස්‌වීමකට සහභාගි නොවූ සිසුවකුගේ කනට හානි වන අයුරින් පහරදුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කර සරසවියෙන් නෙරපීමට විශ්ව විද්‍යාලයේ පාලක සභාව පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම සිසුන් තිදෙනා සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අතර ප්‍රහාරයට ලක්වූ සිසුවාද එම වසරේම අධ්‍යාපනය ලබන්නකු බවද පැවසේ.

පසුගියදා මෙම ප්‍රහාරය එල්ලවී තිබු අතර අදාල පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව මැර සිසුන් සරසවියෙන් නෙරපීමට පියවර ගෙන ඇත.

ඡේ. එල්. එච්. නවංග/ඡේ. ඩී. ලයාන් රූපසිංහ හා පී. කේ. එරංග පහර දී ඇති සිසුන් වේ.

ඔවුන්ගේ පහර කෑමට ලක්‌වූ දෙබරවැව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයා තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවේ.

දඬුවමට ලක්‌වූ සිසුන් තිදෙනා ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා සලකා බැලීම සඳහා කමිටුවක්ද පත්කර ඇති බව සරසවියේ පාලනාධිකාරියෙන් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: