සීකුගේ ලෝකයෙන්ම දෙවැනියා වෙයි

January 26, 2017 | 11:14 am    0   1007

සීකුගේ ලෝකයෙන්ම දෙවැනියා වෙයි

විස්සයි – 20 තරඟයන්හීදී ලොව දෙවැනි වේගවත්ම පන්දුවට පහර දීමේ වේගය සනිටුහන් කර ගැනීමට ශ‍්‍රී ලංකා තුන්ඉරියව් ක‍්‍රීඩක සීකුගේ ප්‍රසන්න සමත් විය.

ඊයේ (25) තරඟයේදීත් දැක්වූ දස්කම් සමග සීකුගේ ප්‍රසන්න පිළිබඳව බොහො දෙනා අතර කතා බහට ලක්වෙමින් තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය සීකුගේ ප්‍රසන්න පන්දු 16කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 37ක් රැස් කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් අන්තර්ගත විය.

සමස්ථයක් ලෙස විස්සයි විස්ස තරඟවල සීකුගේ ප්‍රසන්නගේ පන්දුවට පහරදීමේ වේගය ලෙස සඳහන් වන්නේ 166.83ක් වන අතර එය විස්සයි – 20 තරඟවල ලොව දෙවැනි වේගවත්ම පන්දුවට පහර දීමේ වේගයයි.

මෙහි පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ නවසීලන්ත ක්‍රීඩක කොලින් ග්‍රෑන්ඩ්හෝම් විසින් හිමිකර ගෙන ඇති අතර තෙවැනි ස්ථානය බටහිර ඉන්දිය කොදෙව්හි ඇන්ඩි‍්‍ර රසල්ට හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: