සුනිල් මිහිඳුකුල පුරෝගාමී සිනමා මෙහෙවර ඇගයේ.

April 27, 2017 | 3:00 pm    0   200

සුනිල් මිහිඳුකුල පුරෝගාමී සිනමා මෙහෙවර ඇගයේ.

මෙරට සිනමා විචාර කලාවට මහඟු මෙහෙයක් ඉටුකළ ප්‍රවීණ සාහිත්‍යවේදී සුනිල් මිහිඳුකුල මහතාගේ මෙහෙවර ඇගයීමේ උළෙලක් මැයි මස 04 වැනි දින සවස 3.30 ට කොළඹ 05, ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර සහ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක යන මහත්වරු එහි දී කෙටි දෙසුම් පැවැත්වීමට නියමිත අතර උත්සවයේ මුලසුන හොබවනුයේ ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය විසින්.

ජාතික චිත්‍රපට සංස්ථාව, ජනමාධ්‍ය අමාත්‍යංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන එම උත්සවයේ දී මහාචාර්ය සමන්ත හේරත් සහ ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති යන මහත්වරුන් විසින් සංස්කරණය කළ ‘සුනිල් මිහිඳුකුල සිනමා සාහිත්‍ය සම්ප්‍රසාදන’ ග්‍රන්ථය එළිදැක්වීමට ද නියමිතයි.

දශක හතරකට ආසන්න කාලයක් මුළුල්ලේ සිංහල සිනමා සාහිත්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් ස්වකීය දායකත්වය සැපයූ සුනිල් මිහිඳුකුල මහතා පසුගියදා පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී ද පුරෝගාමී සිනමා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: