සුලඟ ගිණි අරං

March 31, 2017 | 11:00 am    0   324

සුලඟ ගිණි අරං

ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලත් තරුණ සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ ගිනි අරන්’ (Dark in the White Light) මේ දිනවල රීගල් ඇතුළු සිනමා ශාලා කිහිපයක තිරගත වෙනවා. ආත්ම ගවේෂණයේ යෙදෙන භික්ෂුවක්, දෙබිඩි ජීවිතයක් ගතකරන වෛද්‍යවරයෙක් සහ ශිෂ්‍යයෙකු වටා ගෙතී ඇති ‘සුළඟ ගිනි අරන්’ කෘතියට මහේන්ද්‍ර පෙරේරා, කෞෂල්‍යා ප්‍රනාන්දු, සුරංගා රණවක, බන්දුල විතානගේ, රොෂාන් රවීන්ද්‍ර, සුලෝචනා වීරසිංහ සහ තිලක්ෂණී රත්නායක ඇතුළු රංගන ශිලපීන් ශිල්පිණියන් රැසක් දායක ව තිබෙනවා. චිත්‍රපටයේ කැමරා ශිල්පීන් ලෙස කටයුතු කර ඇත්තේ චන්න දේශප්‍රිය සහ ධනුෂ්ක ගුණතිලක. සංස්කරණය සමන් ඇල්විටිගල.  සංගීත නිර්මාණය ලක්ෂ්මන් ජෝසප් ද සේරම්. ජාත්‍යන්තර සිනමා උළෙල රැසක් නියෝජනය කළ ‘සුළඟ ගිනි අරන්’ සඳහා නිෂ්පාදන දායකත්වය සපයා ඇත්තේ ජනිත මාරසිංහ, රවින්ද්‍ර ගුරුගේ සහ විමුක්ති ජයසුන්දරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: