සූරිය වැව තාරුණ්‍යයට ගැළපීම

April 17, 2017 | 4:00 pm    0   306

සූරිය වැව තාරුණ්‍යයට ගැළපීම

මිනිසා ශිෂ්ටාචාරගත වූයේ කේසේද යන විග්‍රහයේදී දිය හැකි කෙටිම පිළිතුර වන්නේ ලබාගත් අත්දැකීම් මත ප්‍රගමනය වූ මානවයා තම අඩුපාඩු සකසා ගැනීමට ගත් උත්සාහය යන්නයි. කෙසේ වුවත් හදිසියේම වාගේ මානව ශිෂ්ටාචාරය තුළ කලටිපොල් සෙවීමට සිත් වූයේ සතිය ආරම්භයේදීම වාගේ කාලයකින් නැවත ඬඪජඬ එකක් ලැබීමට හේතු වූ කරුණු රාශියක් සිදු වු නිසාය. ගිය සතිය අග වන විට දේශපාලන ලෝකයේ සිදුවීම් උඩු යටිකුරු කළ අංක ගණිත විද්‍යාව ඇතුළත් මහා කෘතියක් කියවා අවසන් වන විටම මේ සතියේ සඳුදා අඟහරුවාදා යන දෙදින තුළ “සාර්ථකත්වය සඳහා ආකල්ප හා කුසලතා සංවර්ධනය” පුහුණු වැඩ සටහනකට සහභාගී වන්නට ලැබීම “ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වා වගේ” සිදු විය.
ආයතනයට හා නායකාරකාදීන්ට පින් දෙමින් වැඩසටහනට දෙදිනම සහභාගී වී ගෙදර ආවෙමි. ඒ ආ පසු මානව ශිෂ්ටාචාරය ගැන මතක් වූයේ මිනිසා ශිෂ්ටාචාර ගත වූ පසු මෙතෙක් නිර්මාණය කර ඇති සියල්ලම වාගේ ස්වකීය පහසුවත් අවශ්‍යතාවත් යන දෙකම එකවර පූරණය කරගැනීමට හැකි වන පරිදි නිර්මාණය කර ගැනීමට යන කාරණය මේ දෙදින පුරාවටම හිතට ඇතුළු වූ කාරණයකි. මෙම දින දෙක පුරාවටම වැඩ සටහන මෙහෙය වූයේ එකම සම්පත්දායකයකි. නමුත් තව දවසක් වැඩසටහන තිබුණත් අප සියල්ලන්ටම කිසිඳු අහසුතාවකින් තොරව ඔහු හා එහි නියැලීමට තරම් දක්‍ෂ අයුරින් එය කළ බව නිර්ලෝභීව කිව යුතුය.
සූරිය වැව තම උපන්ගම කරගෙන ඉපදුන විජේරත්න සූරිය වැව නම් මේ තරුණ සම්පත් දායකයා සූරිය වැව පළමු ආචාර්ය උපාධි කාරයා විය. මේ පිළිබඳ සටහනක් නොතැබුවහොත් එය මෙහි අඩුවක් වනු ඇත. සූරිය වැව නගරය ආශි්‍රත ගම් ප්‍රදේශය මතක් වන විට අව් කාෂ්ටක ගැමි පරිසරයක සිරිය මැවෙයි. නූතන තාරුණ්‍යයට වර්තමානයේ තිබෙන සම්පත් දෙස බලන විට එදා ගම්වල තිබූ අඩු පහසුකම් මධ්‍යයේ තමන්ගේ ඉරණම් ගමන තීන්දු කරමින්, ගමටද ආඩම්බරයක් වීමට හැකිවීම මෙවන් සම්පත් දායකයන්ගේ වාසනාවකි. නූතන තාරුණ්‍ය වෙනුවෙන් මම ඔහුගෙන් ප්‍රශනයක් ඇසීමි. ඒ ඔහුගේ සම්පත් දායක ගාස්තුව කීයද යන්නයි. ඔහු ගත් කටටම රුපියල් ලක්‍ෂයක් බවත් සමහර වැඩසටහන් කරන ආයතන හා පුද්ගලයන් අනුව එය රුපියල් බින්දුව වන බවත් ක්‍ෂණිකව කීවේය.
අපේ දෙමව්පියන් අද අපෙන් බලාපොරොත්තු වන්නේ අවම වශයෙන් තමන්ගේ අනාගතය සකසාගෙන තමන් හොඳින් ජීවත්වීමේ බලාපොරොත්තුවයි. නමුත් පසුගිය -සති කීපය දෙස බලද්දී අපිට අහන්නට දකින්නට ලැබුණු දසුන් තාරුණ්‍යයේ හරය කුමක්ද යන්න ප්‍රශ්න කරන්නට සිතෙන තැනට පත් කර හමාරය. විශ්වවිද්‍යාල සිසුන් සතියට දින දෙක තුනක් මහ පාරේය. දැන් දැන් ප්‍රධාන පාසල්වල ලොකු දරුවන් ඕඪඨ ර්චබජඩ වෙනුවෙන් ගහ මරා ගැනීම් මෙන්ම බාලිකාවන් වෙතට කඩා පැනීම් ද වීර ක්‍රියාවක් ලෙස හුවා දක්වමින් ඇත. සමහර පිළුණු පුවත් රසකර විඳගන්නා ජඩ මාධ්‍ය භාවිතයක් ඇති මාධ්‍යයන්ටද මේවා ටිං ටිං ගේ වීරක්‍රියා බඳු ජවනිකාවන්ය. අචබඪදඨ වැඩි කර ගැනීම අරමුණු කරගත් ඕනෑම ජුගුප්සාජනක සිදුවීමක් දක්වා සිය අරමුණු ඉටු කරගැනීමට උත්සුක වනවිට රටක තාරුණ්‍ය නන්නත්තාර වීම අරුමයක් නොවේ.
විශ්වවිද්‍යාල සිසුන් අරගල කිරීම කළ යුතුය. අපගේ විරෝධතාවයක් ඊට නැත. නමුත් පාර්ලිමේන්තුවත් නියෝජනය නොකරන සමහර දේශපාලන පක්‍ෂ වෙනුවෙන් කඩේ යාමත් රටක නිදහස වල්බූරු නිදහසක් කරගෙන හැසිරීමත් විශ්වවිද්‍යාල සිසුන්ට තරම් නොවේ. අනෙක අපි විශ්වවිද්‍යාලවල සිටින සමයේ අපි අරගල විවිධාකාරයෙන් හඳුනාගෙන ඒවාට සහභාගී වූ ආකාරය හොඳට මතකය. අරගලයක ආරම්භය, පැවැත්ම, මධ්‍යය, අවසානය කියා සිව්වැදෑරුම් වේ. අරගලය ආරම්භ කළ යුත්තේ කොතනකින්ද යන්න නිශ්චය කරගත යුතුය. ආරම්භයේ පටන් පිළිතුරු නොමැති නම් අරගලයක පැවැත්ම කෙසේද යන්න තීරණය කළ යුතුය. ඒ කාලය තුළ ගැටළුව කෙරේ අවධානය දීම මෙන්ම වාද විවාද ප්‍රවාද ගොඩනැගිය යුතුය. ඒ පැවැත්ම තුළත් පිළිතුරු නොමැති නම් අරගලයේ මධ්‍ය ක්‍ෂේත්‍රයක් කොට දිශානතියක් දිය යුතුය. ඒ දිශානතිය කෙසේද යන්න තීරනය කිරීමට විවිධ මතවාද නියෝජනය කරන කණ්ඩායම් නායකයන්, සිවිල් සමාජ සංවිධාන නායකයන්, බහුජන ව්‍යාපාර නායකයන්, ප්‍රගතිශීලී දේශපාලන නායකයන් සම්බන්ධ කරගත යුතුය.
එවන් දිශානතියක් කරගත් පසු ගැටලුවෙ පිළිතුර දක්වා අවසානය සැළසුම් කළ යුතුයි. ඒ අවසන් පිළිතුර ලබාගැනීම වෙනුවෙන් මහ සමාජය තුළට පැමිණ මහජනතාවගේ දෛනික ජීවිතයට පවා බලපෑම් කිරීම කරන විට මහ සමාජයේ අවධානය ආශිර්වාදය පවා ලැබේ.
නමුත් අද සිදුවන්නේ මේ සියල්ලටම හාත්පසම වෙනස් ක්‍රියාදාමයකි. එකවරම අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ නගර ආසන්නයේ විශ්වවිද්‍යාල සිසුන් පාරට ගෙන එයි. එවිට සිසුන්ගේ අරගලයේ තේමාවක් නොදන්නා මහ සමාජය සිසුන්ගේ දෙමව්පියන් සිහි කරමින් දෙස් දෙවොල් තබයි. අවසානයේ අරගලයේ තේමාව කසිකබල් දේශපාලකයන් මොට කර දමයි. තවත් සමහරෙක් එය තමන්ගේ ගොඩ වඩා ගැනීම සඳහා භාවිතා කරයි. පොලිසියේ අටපාස් නැති හෝ පාස් මහත්වරුන්ගේ බැටන් පොලුවලට, ලංකාවේ වැඩිම ලකුණු ලබාගත් අනාගතය බාර ගන්නට නියමිත තාරුණ්‍යයට යටත් වීමට සිදුවෙයි. මේ සියල්ල සිදුවන අතරතුර විශ්වවිද්‍යාලයේ දේශන පැවැත්වෙයි. එහි සිටින කීප දෙනා ඊට සහභාගී වෙයි. බහුතරයකට ඉන්පසු ඊළඟ සෙමෙස්ටරයේදී ඇණ ගොඩ දාගන්නට වෙයි. මන්ද තමන්ගේ බැජා එළියට යනවිට තමන්ද ඤඥඨපඥඥ එක අවසන් කර උපාධිධාරියකු ලෙස එළියට බැසිය යුතුය. මේ සියල්ල අවසන සිදු වී ඇති අරගලයකුත් නැති, අධ්‍යාපනයකුත් නැති, වෙනත් අධ්‍යාපන සුදුසුකම් හෝ විෂය භාහිර ක්‍රියාකාරකම් සහතික මොකුත් නැති උපාධිය පමණක් ඇති තරුණ තරුණියන් විශ්වවිද්‍යාලයෙන් එළියට එයි.
මේ තත්ත්වය මෙසේ වේවායි අපි කිසිඳු ආකෘතියකින් ප්‍රාර්ථනා නොකරමු. නමුත් මෙය අඩු වැඩි වශයෙන් දැන් දැන් සිදු වෙමින් තිබේ. ඒ තත්ත්වය එසේ හෝ සිදුවීම හොඳය. පාසැල් තාරුණ්‍යයේ ක්‍රියාකාරකම් දෙස බලන විට මොවුන් ඕඪඨ ර්චබජඩ මුවාවෙන් ඇති පදමට මත්ද්‍රව්‍ය භාවිත කර බාලිකා පාසල්වලට කඩා පැනීම පාරවල් තුළ රණ්ඩු දබර කර ගැනීම බලා සිටින්නට ඇඟ හිරි ගඩු වට්ටවන සුළු සිදුවීම්ය. මෙම තත්ත්වයන් පාලනය කිරීමට අදාල පාසල්වල ගුරුවරුන් ඉදිරිපත් නොවීම ජාතියේ අවාසනාවකි. ඔවුන් පන්ති කාමරය තුළ සිටිනා දරුවන් ගැන පමණක් සොයා බලන්නේ නම් ඉන් වැඩක් නැත. පන්ති කාමරයේ දරුවන් බැලීමට ගුරුවරයෙක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඉන් පිටත බාහිර ක්‍රියාකාරකම් කරන සිසුන් ගැන උනන්දු වීමය. පාසල් ගුරු භූමිකාව ද නූතනය වන විට යළි කියැවීමකට භාජනය කළ යුතුය. එය වෙනම කාර්යයකි.
ශ්‍රී ලංකාවේ අනාගත තාරුණ්‍ය යනු ඉතිහාසය ලියන පරම්පරාවය. ඔවුන් සමාජයේ ඉදිරියෙන්ම සිටිය යුතුය. නැතහොත් ශිෂ්ටාචාරය අතරමග නවතියිද යන ප්‍රශ්නාර්ථය අප ඉදිරියේ ඇත. මිනිසා ශිෂ්ටාචාරගත වීම පිළිබඳ කතාව නැවත මතක් වන්නේ අප මුලින්ම සඳහන් කළ විජේරත්න සූරිය වැව ආචාර්යවරයා පැවසූ පරිදි ශිෂ්ටාචාරයේ මූලික ගමන් හැඩතල නිර්මාණය කළේත් එය නැවත හැඩ කරන්නේත් මිනිසාමය යන්න පසක් වීමෙනි.
තාරුණ්‍යයට ශිෂ්ටාචාරයක් නිර්මාණය කළ හැකිය. එසේම ඔවුන්ට ශිෂ්ටාචාරයක් බිඳ දැමීමටද හැකිය. ඊටත් අමතරව යහපත් ශිෂ්ටාචාරයක් පවත්වාගෙන යා හැකිය. එසේ නම් අද දවසේ තාරුණ්‍ය වෙත පිවිසෙන ශ්‍රී ලාංකීය දූ දරුවන් මේ කරුණ සිත්හි තබාගත යුතුය. තමන් මෙලොවට දායාද කළ දෙමව්පියන් තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ ආත්මාභිමානයකි. එය ආත්ම අවමානයක් කර දෙන්නේ නම් ඉන් ඇති ප්‍රතිඵලය කුමක් දැයි අමුතුවෙන් කිව නොහැකිය. එය පාසල් යන වයසේ මෙන්ම විශ්වවිද්‍යාල, විවෘත විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආදී එකී නොකී සියළුම ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ වගකීම තම දෙමව්පියන්ගේ ආත්මාභිමානය මතින් ශ්‍රී ලංකා මාතාවට ගෞරවය නමැති කිරුළ පැලැන්දීමය.
ඒ සඳහා අවදිවන දවසක් පාසා ගෙදරට පාසලට සරසවියට අවසාන වශයෙන් මුළු මහත් රටටම වැඩිම වටිනාකමක් සහිත පුද්ගලයා ඔබ යැයි සිතන්න. එසේ සිතා දවසේ කටයුතු පටන් ගන්න. එවිට ඔබේ පෞර්ෂය ගොඩ නැගේවී. ඔබ දැන ගැනීමට ඉගන ගන්න. එය කිසිවිටක බාල්දු වීමක් යැයි නොසිතන්න. එසේම යමක් කිරීමට නියමාකාරයෙන් ඉගෙන ගන්න. ඉන්පසු සමාජය හා එක්ව ජීවත් වීමට ඉගෙන ගන්න. එවිට ඔබට දැනෙයි ඔබ අභිමානවත් ලෙස ජීවත් වන බව. මිනිස් ජීවිතයේ නූතන පරමායුෂ වසර 60ත් 70ත් අතර වේ නම් තරුණ කාලය වයස 16න් පටන්ගෙන 40න් අවසන් වේ නම් අපිට තාරුණ්‍යය ගත කරන්නට ඇත්තේ වයස අවුරුදු 24කි. ඒ කාලය තුළ ඉගෙනීම, විවාහය, ජීවිතය විඳිය යුතුය. නමුත් අපිත් වයසින් භාගයක්ම සමහර විට ඊටත් වඩා කාලයක් අනවශ්‍යදේ වෙනුවෙන් වැය කර හමාරයි. සුරිය වැවලා තරුණ ජීවිත ගොඩනැගීමට කතා කරති. මහන්සි වෙති. සිතන්න, කාලය ඉතිරි කරගන්න. දිනන්න ජීවිතයේ හැකි හැම දෙයක්ම.
කාශ්‍යප බණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: