සූ’ ට ඇප නැත

October 16, 2017 | 12:30 pm    0   165

සූ’ ට ඇප නැත
පසුගියදා හම්බන්තොටදී පොලිසියේ පහර දීමට ලක්ව රිමාන්ඩ් භාරයේ රෝහල් ගත කර සිටින මාධ්‍යවේදියාට අද ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.
අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට මෙහිදී අද දින ඇප ලබා දී ඇති අතර පහර කෑමට ලක්ව රෝහල් ගතකල මාධ්‍යවේදියා ඇතුළු පිරිසකට මෙහිදී අධිකරණය ඇප ප්‍රතික්ෂේප කර ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අදාළ නඩුව අද(16) කැඳවූ අවස්ථාවේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල හා  ඩී.වී චානක මහතා ඇතුළු තවත් 5 දෙනෙකුට මෙලෙස ඇප ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: