සූ, ප්‍රසන්න ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්

October 30, 2017 | 11:59 am    0   134

සූ, ප්‍රසන්න ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්

පසුගියදා හම්බන්තොටදී සිදුකල විරෝධතාවයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, මාධවේදී සූ බණ්ඩාර ඇතුළු 31 දෙනෙකු අද (30) යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ඒ නොවැම්බර් 13 වැනි දින දක්වාය.

අද (30) දින මේ පිලිබඳ වූ නඩුව යලි කැඳවා තිබූ අතර, එහිදී එම පිරිස ඇප අයදුම් කර තිබුනද එම ඇප ප්‍රතික්ෂේප කෙරිණි.

මෙලෙස බන්ධනාගාර ගතකල පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න, මාධ්‍යවේදී සූ බණ්ඩාර ඇතුලු පිරිසක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

එහිදී මාධ්‍යවේදී සුසන්ත බණ්ඩාර අත්අඩංගුවට ගැනීමෙන් පසු  උප පොලිස් පරීක්ෂක තුෂාර දළුවත්ත විසින් කනට ගැසීම නිසා ඔහුගේ කන පැලී මේ වනවිටත් ශ්‍රවනාබාධ තත්වයක් ඇතිවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: