‘සොබා චලන රූ’ සඳහා නිර්මාණ භාරගැනේ

April 11, 2017 | 1:00 pm    0   91

‘සොබා චලන රූ’ සඳහා නිර්මාණ භාරගැනේ

2017 ජුනි 05 වැනි දිනට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය කෙටි චිත්‍රපට තරගාවලියක් සංවිධානය කර තිබෙනවා. ‘සොබා චලන සිතුවම්’ ලෙසින් නම්කොට ඇති ඒ සඳහා පරිසරය පිළිබඳව ඕනෑම තේමාවක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ හැකියි.

ප්‍රබන්ධ, වාර්තාමය සහ සජීවීකරණ යන අංශයන්ගෙන් තරගය පැවැත්වෙන අතර සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව තරගකරුවන්ට ලබා දී තිබෙනවා. සිංහල, දෙමළ භාෂාවන්ගෙන් කෙරෙන නිර්මාණ සඳහා ඉංග්‍රීසි බසින් උපසිරැසි යෙදිය යුතු අතර නිර්මාණයක උපරිම කාලය මිනිත්තු 05 නොඉක්මවිය යුතුයි.

ප්‍රථම ස්ථානය දිනාගන්නා ජයග්‍රාහී නිර්මාණය සඳහා රුපියල් 50000/- ක මුදල් ත්‍යාගයක්ද දෙවන හා තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 40000/- සහ 30000/- බැගින් වූ මුදල් ත්‍යාග ද පිරිනැමෙන අතර පස් දෙනෙකු සඳහා කුසලතා සම්මාන, සමරු තිළිණ ප්‍රදානය කිරීමට ද නියමිතයි.

නිර්මාණ භාරගැනීම 2017 මැයි 02 වැනිදායින් අවසන් වන අතර, අයදුම්පත් හා වැඩිදුර තොරතුරු www.environmentmin.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 011 2 863 652 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: