සොහොන් පිට්ටනි නිසා යාපනයට ගැටළු

May 16, 2017 | 1:00 pm    0   137

සොහොන් පිට්ටනි නිසා යාපනයට ගැටළු

යාපනයේ ප්‍රදේශ කිහිපයක පිහිටි සුසාන භූමි හේතුවෙන් එම ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටලු රැසක් මතුව ඇති බැවින් එම සුසාන භූමි වහාම ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මාන රැසක වැසියෝ පසුගියදා(13) විරෝධතාවක නිරත වූහ.

යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී සමාජ සාධාරණත්වය සඳහා වූ බහුජන සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබූ අතර මේ සඳහා 500කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.

“මේ වන විට අච්චුවේලි, උරුම්බිකාසි – බටහිර, ඊවනෙයි – උතුර, කින්දු සිටි, තිරුනෙල්වේලි, පාලපන්නෙයි හා මල්ලාකම් යන ප්‍රදේශයන්හි පිහිටා ඇති සුසාන භූමි හේතුවෙන් කුඩා ළමුන්, වයෝවෘද්ධ වැසියන් මෙන්ම ගැබිණි මව්වරුන් ශ්වසන ආබාධ ඇතුළු සෞඛ්‍ය ගැටලු කිහිපයකට මුහුණ පා සිටින බව පැවසේ.

එමෙන්ම ඇතැම් ප්‍රදේශයන්හි කුඹුරු ආසන්නයේ සොහොන් පිහිටා තිබීම හේතුවෙන් ගොවිතැන් කටයුතුවලටද බාධා සිදුව ඇති අතර බොහෝ මළසිරුරු අඩක් පුළුස්සා දමා යාම නිසා ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් හමන අතරම ඉතිරි වූ මළසිරුරු කොටස් සුනඛයින් ඇතුළු සතුන් රැගෙනයාම හේතුවෙන් බොහෝ නිවාසයන්හි මළසිරුරු ඇටසැකිලි හමු වන බවට විරෝධතාවයේ නිරත වූ වැසියෝ කියා සිටියහ.

තවද ඇතැම් ගම්මානවල මළසිරුරු පිළිස්සීමේදී පිට වන දුමාරය හා මිනී අළු නිවාස මතටත් දුමාරය පැමිණීමෙන් විවිධ වූ ශ්වසන රෝගයන්ට ගොදුරු වී ඇති බැවින් වහාම අදාල සොහොන් බිම් ඉවත් කොට ජනාවාස නොමැති ස්ථානයක පවත්වාගෙන යන ලෙසට එම වැසි වැඩිදුරටත් ඔවුහු කියා සිටියහ.

Wanni Romesh

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: