හඬ හරඹ කළ ලංකාවේ පළමු නිවේදිකාව දැයෙන් සමුගනී

May 5, 2017 | 9:56 am    0   233

හඬ හරඹ කළ ලංකාවේ පළමු නිවේදිකාව දැයෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් විදුලි නිවේදිකාව වූ ප්‍රභා රණතුංග මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රේඩියෝ සිලෝන් ආයතනයට බැඳී පළමු නිවේදිකාව වෙමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට මුලින්ම එක් වුනු ඇය. ඉංග්‍රීසි ජාතිකයන් විසින් පාලනය කළ රේඩියෝ සිලෝන් ආයතනය 1950 වනවිට ප්‍රතිසංස්කරණය වෙමින් පළමු සිංහල අධ්‍යක්ෂකවරයා වු එම්. ජේ. පෙරේරා මහතා යටතේ තම නිවේදන කාර්යය අකුරටම ඉටුකළ ඇයට පසුව කාන්තා හා ළමා අංශය භාර වුනා. ශ්‍රී ලංකා ගුවන් විදුලිය නමින් ප්‍රතිසංවිධානය වු එහි මුල්ම ළමා වැඩසටහන් හා කාන්තා වැඩසටහන් අධ්‍යක්ෂවරියද ඇයම වුනා.

ශ්‍රී ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් සිදුකල ඇයට Sunday Apple අපි නිවන් සුව පතන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: