හතුරු වූ ෆෝඩ් වෙනුවට හතුරුව ගෙන ඒමේ සුදානමක්

June 26, 2017 | 5:07 pm    0   204

හතුරු වූ ෆෝඩ් වෙනුවට හතුරුව ගෙන ඒමේ සුදානමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුරප්පාඩු වී ඇති ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මහතාව යොදා ගැනීමේ සුදානමක් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල ග්‍රැහැම් ෆෝඩ් මහතා හදිසියේම සිය ධුරයෙන් ඉවත්වීම නිසා මෙම පුරප්පාඩුව ඇතිවිය. ඉන් අනතුරුව හතුරුසිංහ මහතාව ඒ සඳහා යොදා ගැනීමට අවධානය යොමු වී ඇත.

එනමුත් ඒ මහතා මේ වනවිටත් බංග්ලාදේශ කණ්ඩායම සමග පුහුණුකරු තනතුර සඳහා 2019 වසර වනතුරු ගිවිසුම් අත්සන්කර ඇත. එබැවින් ඔහුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කරගන්නේ නම් හතුරුසිංහ මහතා සහ බංගලාදේශ කණ්ඩායම අතර අත්සන් කර ඇති ගිවිසුමට අදාල ඉතිරි කාලයට සරිලන ගෙවීම් ද කල යුතුව ඇත.

තවද ලොව වැඩිම මුදලක් අයකරන පුහුණුකරු ලෙස වාර්තා වන්නේද චන්දික හතුරුසිංහය. එම නිසාවෙන්ම මේ තනතුරට ඔහුව යොදාගැනීම අපහසු කාර්යක් බව ද වාර්තා වේ.

හතුරුසිංහ මහතාට අමතරව නවසීලන්ත ජාතිකයින් වන ස්ටීවන් ෆ්ලෙමින්ග්, ස්කොට් ස්ටයරිස් හෝ ඕස්ට්‍රේලියානු ජාතික ටොම් මුඩී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත්කරගැනීමට ද අවධානය යොමු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: