හදිසියේ පැමිණ හදිසියේ පහරදී හදිසියේ නික්මුණු ඔහු

April 8, 2017 | 12:00 pm    0   688

හදිසියේ පැමිණ හදිසියේ පහරදී හදිසියේ නික්මුණු ඔහු

“මට ඔබට උගන්වන්න බෑ නමුත් මට පුලුවන්
ඔබවම ගවේශනය කරන ආකාරය උගන්වන්න
යාලුවා මැරෙන්න ඉගෙනගන්නවා කියන්නේ
මරනයෙන් නිදහස් ව්න එකට හෙට වන විට ඔබ
මැරෙන්න ඉගෙන ගෙන එයින් නිදහස් වීමට උත්සාහ
කරන්න ඕන”

මෑත අතීතයේ ලොව පහලවූ අග්‍රගණ්‍ය ම සටන් ශිල්පියා ‘බෲස් ලී ‘ කීවොත් නිවැරදිය.ලොව කොතෙකුත් සටන් ශිල්පීන් බිහිවුනද බෲස් ලී තරම් රිද්මයානුකූලව ශරීරය හසුරුවමින් විදුලි වේගයෙන් පහර දෙන්නෙක් මට හමු නොවූ තරම්.ඒ ඔහුගේම රිද්මයකට සකස් කරගත් සටන් ශෛලියක් නිසාවෙන්..
සාම්ප්‍රදායික චීන සටන් කලාවන් අතර ‘kung fu’ සටන්
කලාවට හිමි වන්නෙ ප්‍රධාන තැනක්.චීනයට කොමියුනිස්ට් පාලනයක් සකස් කල ‘මාවෝ සේතුං’ පවා ‘kung fu’ සටන් කලාව අගය කල අවස්ථා හා එය සෑම කෙනෙක්ම හැදෑරීය යුතු බව ද වරක් ප්‍රකාශ කලා. බෲස් ලී උපතින් චීන ජාතිකයකු වුවත් ඔහු කලක් ඇමරිකාවෙත් ජීවත් වෙනවා.පැරණි චීන සාම්ප්‍රදායික සටන් ක්‍රම වල නිම් වළලු බිද දමමින් තමාගේම ශෛලියක් සාදා ගත් බෲස් ලී ‘ජිට් කුන් ඩූ’ සටන් ශෛලිය ලොවට හදුන්වා දුන්නා.

චීනයේ හෙනාන් ප්‍රාන්තයේ ‘මවුන්ට් සෝන් ‘ කදු වැටිය අසල පිහිටා තිබෙන ‘ ෂවොලින් ‘ ආරාමය චීන සටන් කලා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් ලෙස ලොවම හදුනාගෙන සිටින අතර මෙම ෂවොලින් ආරාමය හා පූජකවරුන්ගේ ඉතිහාසය සටන් කලාව බිහිවූ කාලය දක්වාම දිවයනවා.එනම් වසර 1400 පමණ පෙර ක්‍රි.පූ.500 සහ 600 අතර ‘සෙන් ‘ බුදු දහමේ ආදී කර්තෘ ‘බෝධි ධර්ම’ ආචාර්යතුමා ධර්ම කරුනු අනුගාමිකයන්ට වටහාදීමට මෙම නව ක්‍රමය හදුන්වා දුන් බව “කරාතේ ඩෝ යොහාන්” කෘතියේ සදහන් වෙනවා.

ෂවොලින් ගුරු කුලය තුළින් සටන් කලාවට ‘ලී’ පිවිසුනද එහි සම්ප්‍රදායයන් රහස් සියල්ලක්ම ලොවට විවර කරමින් නව ආරක සටන් දර්ශනයක් ලොවට හදුන්වා දුන්නේ, ෂවොලින් පූජකවරු ද විස්මයට පත කරමින්..

‘ලී’ වයස අවුරුදු 13 දී සටන් කලාව හැදෑරීමට යොමු වන අතර ක්‍රමයෙන් එහි ප්‍රවීණයකු වීමට පෙර ‘හොංකොං’ හී දී වීථි සටන් උමතුවකින් පෙලුනා. තමාට අහියෝග වන සෑම කෙනෙකුට ම රිසී සේ තළන්නට බෲස් ලී අමතක කලේ නෑ. තම කණ්ඩායම ඕනෑම වීථි සටනකට මෙහෙයවීම අරමුණ කරගනිමින් කටයුතු කිරීම නිසාම ලී වයස අවුරුදු 18 දී ඇමරිකාවට පිටත් කර හැරීමට පියා කටයුතු කලා.හොංකොං හි සිවුවූ විශේෂ සිදුවම් වන්නේ පාසලේදී තමාට අහියෝග කල කළුපටි ශූරයකුට තත්පර 11 කදී පහරවල් 15 ක් සහ පා පහරක් එල්ල කර ඔහුව පරාජය කිරීම හා 1958 දී හොංකොං හි පැවති ‘චා චා බ්‍රවුන්’ නැටුම් තරගය ජය ගැනීම කැපී පෙනෙන සිදුවීම වුනා..

සටන් කලාව තුල බෲස් ලීට අවැසි ජවය නිර්මානාත්මක බාවය ඕනෑවටත් වඩා තිබුණා.ඔහු එක් එක් සටන් කලාවන් තුලින් උකහා ගත් දෑ නිදහස ආරක් ලෙස හාවිතයට ගත්තෙක්.. මාස්ටර් ‘යිප් මෑන් ‘ගෙන් ප්‍රථමයෙන් kung fu සටන් කලාවේ ‘ වින් චුන්’ ශෛලිය හැදෑරූ ලී ‘ජිට් කුන් ඩූ’ තුලට එහි රිද්මයානුකූල පහරදීම හදුන්වා දුන්නා. ඒ වගේම 1967 වර්ෂයේ දී ලී ගේ මෙම සටන් ශෛලිය ලොව ප්‍රචලිත වූ අතර එහි ‘පැරණි ෂවොලින් ශිල්ප ක්‍රම ,වින්චුන්,හා ආයුධ ශිල්ප යනාදිය ඇතුලත් වුනා.ඕනෑම අවස්ථාවකදී ප්‍රතිවාදියා ට වැරෙන් පහර එල්ල කරන්නනට සමත් වූ ලී ඉහත වර්ෂයේ පැවති අන්තර්ජාතික කරාතේ ශූරතා තරගා වලියේදී කරාතේ ශූර ‘මුරේ’ට එල්ල කරන පහර අටෙන් එකකින් හෝ වැලකී සිටීමට මුරේට හැකිවන්නේ නෑ.මෙය ඔහු හුදෙක් සංදර්ශනාත්මකව කල දෙයක් ..
තවද ලී ගේ ‘ජිට් කුන් ඩූ’ නිර්මානය වන්නේ සටන් ක්‍රම කිහිපයක නිර්මානයක් ලෙසයි එය ඔහු අර්ථදක්වන්නේ ජිට්- වැලැක්වීම ,කුන් -අතේ මිට, ඩූ-ක්‍රමය යනුවෙන්. එසේම සාමප්‍රදායික ‘ කුන් ෆු’ තුල ප්‍රහාර වැලැක්වීම දැඩිව තිබුනත් දැඩිව ප්‍රහාර එල්ල කිරීම ‘ජිට් කුන් ඩූ’ වලට පමනක් ආවේණික වූවක්.ප්‍රථම ප්‍රහාරය ප්‍රතිවාදියා ට සිතීමට පවා නොහැකි වනසේ එල්ල කිරීම ලී නිතර අනුගමනය කල අතර ඕනෑම සටනකදි හඩ එය තීව්‍ර කිරීමට සමත් වන බව ත් ලී පෙන්නුම් කලා. එමගින් ප්‍රතිමල්ලවයා බිය ගැන්වීම,සටන් ශිල්පියාගෙ සිරුර උද්දීපනය වීම,අනපේක්ෂිත පහරක් දරා ගැනීම,ශරීර ශක්තිය වැඩි වීම යනාදිය සිදුවන බව ලී ප්‍රකාශ කලා.(kiai-හඩ)

ලී ගේ සටන් කලාව හුදෙක් පහර දීම සදහාම නොව එය ඔහුගේ ආධ්‍යාත්මික මානසික දියුනුව තුලින් ගොඩනගාගත් දර්ශනයක් ලෙස අපට දකින්නට පුලුවන් එනම් සටන් කලා දර්ශනයක් තුල තිබිය යුතු මානසික මෙන්ම හෞතික තත්ත්වයන් ද ජිට් කුන් ඩු තුල අන්තර්ගත වී තිබෙන නිසාවෙන්.
විශේෂයෙන් චීන ජනතාව බෲස් ලී ට කීවේ කකුල් තුනක් ඇති මිනිසා කියලා ,මොකද ඔහු ඇසිපිය ගසන්නටත් පෙර එල්ල කරන පා පහර තුන ඒ තරම් වේගවත්, වරක් blck belt සගරාව ලී ගැන මෙහෙම කියනවා
“තමා පසුපස එන ඕනෑම අයෙකුගේ අඩි ශබ්දය අනුව සූක්ෂම ව පහර දීම බෲස් ලී ගේ ශිල්පීය ක්‍රමය බවයි”
ඒ වාගේම ‘ලී ‘ enter the dragon චිත්‍රපටයේදී

“මගේ සටන් ක්‍රමය සටන් නොකර සටන් කිරීමයි”
යනුවෙන් ගැඹුරු ආධ්‍යාත්මයක් තුළ ගොඩනැගුනු තමාගේ සටන් ශෛලිය හා දර්ශනය ලොවටම කියා දුන්නා.

සටන් කලාවේ ගුරුවර්‍යෙකු ලෙස හදුනාගත් ‘ලී’ ලොව ප්‍රධාන වාර්තා පිටු පෙරලු චිත්‍රපට කීපයකට රංගනයෙන් දායකත්වය සැපයූවෙක්.ඔහු තම ප්‍රථම චිත්‍රපටයට අවු 17 දී හොංකොං හීදී සහබාගි වුනා.(the orphan-1958) ඊට පෙර 1956- the green hornet නමැති රූපවාහිනි නාට්‍ය මාලාවේ දී ප්‍රේක්ෂකයාව වැළදගත් ලී වඩාත් ප්‍රසිද්ධ වන්නේ ‘fist of fury’ චිත්‍රපටය හරහායි, මෙය චීනය තුල ‘the big boss ‘ නමිනුත් එක්සත් ජනපදයේ මුලින් කී නමිනුත් වෙනත් ස්ථාන වල ‘fist of glory’ ලෙසත් තිරගත වුනා.මෙහි ලීගේ රගපැම උසස් ත්ත්වයෙහිලා සැලකිය හැකි බව විචාරකයන්ගේ අදහසයි.
ඊට පසු ‘the chinese canection ‘ හරහා වඩා වැඩි ප්‍රේක්ෂක ආකර්ෂනයක් ලබා ගැනීමට හැකි වූ අතර ඒතුලින් චීන ජනතාවගේ ගෞරවයට පාත්‍ර වීමටද ලී සමත් වුනා. ඒ වගේම ඔහුගේ අනෙකුත් චිත්‍රපට ලෙස ‘the way of the dragon ,enter the dragon’ පෙන්වන්න පුලුවන්.ඔහුගේ අවසන් චිත්‍රපටය ලෙස Enter the dragon ඉතිහාසයට එක්වුවද එය නැරඹීමට ඔහුට අව්කාශ ලැබුනේ නෑ.එම චිත්‍රපටය ඇමරිකාවේ ප්‍රදර්ශනය වූ නමුත් ඊට මසකට කලින් ‘ ලී’ මියගියා.

1973 ජුලි 20 ‘game of the death’ චිත්‍රපටයේ තිර රචනය ගැන සාක්ච්චා කරන්නට ‘රේමන් චෞ’ සමගින් ‘බෙටි ටිංග් පෙයි’ නිලියගේ තට්ටු නිවාස සංකීර්ණයේ පිහිටි නිවසට ගිය විගසම ලී ට දැඩි හිසේ අමාරුවක් සෑදුනු අතර ‘බෙටි’ ඔහුට වේදනා නාශක පෙත්තක් ගෙනත් දීමෙන් පසු මද වේලාවකින් නින්දට වැටුණු අතර පසුව ලී නැවත දෙනෙත් විවර කලේ නැත.ඔහු මේ මිහිතලය මත ජීවත් වූ අව්සාන දිනය ජූලි 20 යි.

කෙසේ වෙතත් ලී ගේ මරණය සම්බන්ධයෙන් පරස්පරතා බොහෝමයකි.ඔහුට අසාධ්‍ය වී සිටින විට ලගම පිහිටි බැප්ටිස් රෝහලට නොයවා එලිසබත් රැජින රෝහලට යැවීම ද ප්‍රහේලිකාවක්.ඒ වගේම ‘ රේමන් චෞ’ මරණය ගැන සාක්ෂි ඉදිරිපත් කිරීමේදී එකට එකක් නොගැලපෙනතා තිබීමත් ගැටලුවක් බව ‘ලින්ඩා ලී’ පුවත් පතකට පවා ප්‍රකාශ කර තිබුනා.

අවසන් වශයෙන් ලී ගේ සිරුර සම්බන්ධයෙන් බූමදාන දෙකක් පැපැත්වුනා එකක් හොංකොං හීදී ත්,අනෙක වඩා පුද්ගලික අකාරයට ‘වොෂිංටන් ‘ හි ‘සියැටල්’ හි මිහිදන් කලා.නමුත් චීන ජාතිකයන් තවම්ත් බෲස් ලී ජීවත් වන බව විශ්වාස කරනවා. මෙසේ ලොවට නවමු ආරක සටන් කලාවක් හදුන්වා දුන් ඒ අසහාය සටන් විරුවා මියගොස් දැනට අවුරුදු 40කි.

“පිලිමයක් නෙළන තැනැත්තා මැටි හෝ බදාම අලවමින් අඩුතැන් පුරවන්නේ නැහැ.ඔහු කරන්නේ අනවශ්‍ය තැන් කොතෙකුත් අඩු කරමින් ඒ තුළින් අවසානයේ නියම රූපය මතු කර ගැනීමයි.”( බෲස් ලී)

බෲස් ලී නිතර යින් යැං සංකේතය බාවිතා කලා. එය තවමත් kung fu සටන් කලාවේ සංකේතයක්.එයින් ජීවිතයේ යථාර්ථය නිරූපණය කරන අතර ගැහැණු- පිරිමි, හොඳ-නරක, ආලෝකය- අදුර ,ලොකු -කුඩා යන මේවා අර්ථ ගැන් වෙනවා…

සැකැස්ම – අරුණ මධුෂාන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: