හන්තාන කඳු මුදුනින් එවරස්ට් නැග්ග පේරේ සෙට් එක

December 28, 2016 | 12:30 pm    0   721

හන්තාන කඳු මුදුනින් එවරස්ට් නැග්ග පේරේ සෙට් එක

මේ ගතවෙමින් පවතින්නේ 21 වන සියවසේ පූර්ව යොවුන් අවධියයි. 21 වන සියවස පටන් ගන්න ඔන්න මෙන්න තියලා උපත ලබපු අය දැන් තරුණ තරුණියෝ. තාක්ෂණයත් එක්ක වේගයෙන් විස්තාරණය වෙන කාර්මික හා තාක්ෂණික ලෝකයේ දැනුම දෝතින්ම අරන් උපත ලබපු අය තමයි දැන් තරුණ තරුණියෝ වෙලා ඉන්නෙ. සියවස ආරම්භයේ පටන් ලෝකය වෙනස් කළේ විවිධ අත්හදා බැලීම් කරමින් නව මංපෙත් විවිර කළේ වෙනස් විදිහට හිතපු අය. කලකදී ඔවුන්ට සමාජයෙන් දෝෂාරෝපණ එල්ල වුව ද ඔවුන් ඒ සියල්ල පසෙකලා වෙනස් විදිහට හිතන්න, වෙනස් විදිහෙ වැඩ කරන්නන පටන් ගත්තා. අවසන එහි ප්‍රතිඵලය වූයේ ලෝක පූජිත නිර්මාණ බිහිවීමයි. රැල්ලට ගහගෙන යන්නෙ නැතුව උඩුගං බලා පීනපු අයට හමුවෙන දේවල්වලින් ලෝකයක් වෙනස් වුණා. “වෙනත් මනුස්සයෙක් නෙමෙයි වෙනස් මනුස්සයෙක් වෙන්න” කියලා කියන ප්‍රසිද්ධ කියමන සනාථ කරපු පිරිසක් ගැන තමයි ඇපල් අපි කියන්න යන්නෙ. මෙහි විශේෂත්වය වෙන්නේ මේ කියන්න යන්නේ අපේ තරුණ තරුණියන් පිරිසක් ගැන වීමයි.
කඳු තරණය හා ගවේෂණ චාරිකා යන්න ඇගේ ලේ රත්වෙලා නලියන තාරුණ්‍ය කොහොමත් කැමතියි. ඒවායේ කියන බිහිසුණු අත්දැකීම් විදින්න, අමතක නො වන මතක ජීවිතයට එකතු කරගන්න කැමතියි. නමුත් එවරස්ට් කියන ලෝකේ ලොකුම කන්ද නගින එක ගැන හිතන්නවත් පුළුවන් ද? ඉන්දියාවේ හිමාලය කඳුවැටියට අයත් එවරස්ට් කන්ද නඟින එක කරන්න අපහසු වැඩක්. එහි පවතින දේශගුණික තත්ත්වය නිසා මිනිස්සුන්ට යාමට නො හැකි තත්ත්වයක් තිබීම මෙයට හේතුව. ඇපල් අපි මේ කියන්නෙ යන්නේ එවරස්ට කඳුවැටිය තරණය කරපු ලංකාවේ තරුණ තරුණියෝ පිරිසක් ගැන. විශේෂත්වය වෙන්නේ මොවුන් ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වීමයි. රටේ අනාගත නියමුවන් වන උගත් බුද්ධිමත් තාරුණ්‍යය වාර්තාවක් පිහිටවමින් කරපු මේ වැඩේ ඇත්තටම අපිට ආඩම්බරයක්.
2016 වර්ෂය ලංකාවේ එවරස්ට් තරණය කිරීමේ සිහිනය සැබෑ කරපු වසරක්. ජයන්ති කුරුඋතුම්පල එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වශයෙන් වාර්තා පොතට ඇතුළත් වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් සහ එක් ශිෂ්‍යාවක් එවරස්ට් කඳු පංතියට අයත් වන ධ්ඵතචදඤ ර්ථීඥචඬ නම් කන්ද මුදුන තරණය කරපු පුවතක් මේ දිනවල විවිධ වෙබ් අඩවි ඔස්සේ අපිට දැනගන්න පුළුවන් උනා. විශේෂත්වය වන්නේ හිමාලය තරණය කළ මෙරට ළබාලතම කාන්තව මෙන් ම පළමු විශ්විද්‍යාල ශිෂ්‍යාව වශයෙන් ද 23 හැවිරිදි ඔමේෂා ජයමිණි සිල්වා මේ පිරිසට අයත් වීමයි. පේරාදෙණිය සරසවියේ ඉන්ජිනේරු පීඨයේ නිමේෂ දිලාන්, ප්‍රණාම මතඟවීර, හා සකුන් කල්හාර හා විද්‍යා පිඨයේ ඔමේෂා සිල්වා යන සිසු කණ්ඩායම මේ, ගමනට සහභාගි වුණා.
කණ්ඩායමේ සාමාජික සකුන් කල්හාර අපට කියපු තොරතුරුවලට අනුව ඔවුන් මේ වගේ ගමනක් යන්න සංවිධානය වී ඇත්තේ පේරාදේණි විශ්වවිද්‍යාලයේ University expose club මඟින් හිමාල ගවේෂණ නිරන්තරයෙන් සංවිධානය කරන බවත් මීට කලින් 11 වතාවක් එම සංගමයට අයත් පිරිස් හිමාල කඳුවැටියේ විවිධ තැන් ගවේෂණය කරන්න ගිය බවත් ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් විශ්වවිද්‍යාලයේ නම ප්‍රචලිත කිරීමේ අරමුණින් Island peak කන්ද තරණය කරන්න තීරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ගමන සංවිධානය වී ඇත.
මේ පිරිස ඔක්තෝම්බර් 25 වනදා පිටත් වී කත්මන්ඩු බලා පැමිණ ඉන්පසු තම ගමන ආරම්භ කරපු බව තමයි ඇපල් අපිට දැනගන්න ලැබුණේ. කත්මන්ඩුවල සිට විවිධ ගම්මානවල ගිමන් හරමින් කඳුතරණය පිළිබඳ පුහුණු වීම් මාලාවකට සහභාගි වූ බවත් නොවැම්බර 11වන දින පාන්දර 2ට Island peak කන්ද තරණය කිරීම ආරම්භ කළ බවත් 5700ථ එහා අයිස් නිධි (ග්ලැසියර්) මුණ ගැසුණු බවත් එය ඉතා අපහසුවෙන් තරණය කළ බවත් 300 ථ ක් පමණ 900 ක බෑවුමක් තරණය කිරීමෙන් අනතුරුව තම ගමනාන්තයට ළඟා වු බව අපට දැනගන්න ලැබුණා.
“කන්ද නඟිද්දී ඇඟ ගල් වෙන්න පටන් ගත්තා. දරා ගන්න බැරි තරම් සීතලයි. වතුර ඉවර වෙලා අන්තිමටම ඇඟ විජලනය වෙන එක නවත්තන්න අයිස් කැට කටේ දාගත්තා කායිකව වගේම මානසිකව ශක්තිමත් වෙලා හිතේ හයියත් එක්ක තමයි අපි ගමන ගියේ” ලෙස ගමනේ විශේෂ අත්දැකීම් ගැන අපි අහපු ප්‍රශ්නෙට ඔවුන් පිළිතුරු දුන්නාය.
මේ චාරිකාවේ දී සිද්ධ වෙච්ච අකරතැබ්බ ගැන කියද්දී ඔවුන් කිව්වෙ හැමෝටම අසනීප තත්ත්වයන්වලට මුහුණ දෙන්න සිදු වුණා වගේම යළිත් සුව වෙනකන් ගමක නවතින්න වුණ බවයි.
මේ චාරිකාව සංවිධානය කිරීමේ දී විශාල පිරිසක් මෙහි පිටුපස ඉන්නවා. ඔවුන් සියලුදෙනාටම ස්තුතිවන්ත වෙනවා කියලා අපිට ඔවුන් කිව්වා.
ඒ වගේ ම තමයි කොල්ලො තුන්දෙනෙක් එක්ක එක කෙල්ලෙක් එනවා කියන්නේ ඒක කොල්ලො තුන්දෙනෙකුට ලොකු රාජකාරියක්. මොකද ගෑණු ළමයෙක් බලාගන්නවා සහ ඇඟේ වගකීම දරනවා කියන එක. නමුත් ඇය තමන්ගේ බඩු බාහිරාදිය රැගෙන මෙන් ම අන් අයටත් උදව් උපකාර කරමින් මේ ගමන අවසන් කළ බවයි අපට දැනගන්න ලැබුණේ. ඇයගේ වගකීම් දැරීමට ඇති හැකියාව ඔවුන් මහත් සේ අගය කළා.
මේ ගමනට සහභාගි වූ තරුණිය ඔමේෂා සිල්වා මේ වගේ අවධානම් වැඩ කරන්න ආසාවක් තිබු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මේ ගමනට සහභාගි වෙච්ච බවත් පළමු වතාවට හිම ඔස්සේ ගමන් කරන්න ලැබීම අමතක නො වන අත්දැකීමක් බවත් විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවලට අමතරව වෙනත් බාහිර වැඩ නිතර කරන්න පෙළඹෙන බවත් පිරිසෙ අනෙක් අයගෙන් ඩ්ඪඬඥ එක පුරාවටම එකිනෙකාට ලොකු සහයෝගයක් ලැබුණා වගේම විශ්වවිද්‍යාලයේ නම ජාත්‍යන්තරයට ගෙන යාමට ලැබීම ආඩම්බරයක් වගේ ම ලොකු සතුටක් කියලා ඇපල් අපිට කිව්වා.
“තමන්ට මේ වගේ Adventure කරන්න ආසාවක් ආවම ඒ දේ කොහොම හරි කරන්න. අධ්‍යාපන කටයුතුවලට අමතරව මේ වගේ චාරිකාවලට සහභාගි වෙලා මේ වගේ අත්දැකීමුත් ලබාගන්න. ඒ වගේම දැඩි අධිෂ්ඨානයෙන් අභියෝග ජයගන්න. ඒ අත්දැකීම් ජීවිතයේ ඉදිරි කටයුතුවලටත් ප්‍රයෝජනවත් වෙයි. කියලා තමයි මට කියන්න තියෙන්නේ”
මේ වගේ Adventure කරන්න බලන් ඉන්න අනිත් තරුණ තරුණියන්ට ධමේෂා කියපු දේ තමයි මේ.
වෙනස් විදිහේ වැඩක් කරලා ලංකාවේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය ඔවුන්ගේ කතාව තමයි මේ. ඉතින් අන්තර්ජාලයේ නිකරුණේ කාලය ගත කරන වර්තමාන තරුණ පරපුරට ඇපල් අපි කියන්නේ කීබෝඩ් සබඳතාවලින් මඳකට මිදිලා අවට පරිසරයත් සමඟ කල්ගත කරන්න, මිතුරන් සමඟ පරිසර සුන්දරත්වය විදින්න වගේම Mount climbing, Hike වගේ දේවල්වලට සහභාගි වෙලා ආත්ම ශක්තිය හා අධිෂ්ඨානය වැඩි කරගන්න. එය ඔබේ අනාගතයට මහත් ආයෝජනයක් වනවා සේම අමතක නො වන මතකයන් රැසක් ජීවිතයට සමීප කර ගත හැකි අවස්ථාවක් වෙයි.

සටහන – නිර්මාණි බණ්ඩාරනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: