හමුදා සෙබළෙක් සහ සෙබළියක් ලෝකාන්තයෙන් පැන දිවිනසාගත් මින්නේරිය හමුදා කඳවුර සසල කළ ආදර කතාව

August 2, 2017 | 12:03 pm    0   1050

හමුදා සෙබළෙක් සහ සෙබළියක් ලෝකාන්තයෙන් පැන දිවිනසාගත් මින්නේරිය හමුදා කඳවුර සසල කළ ආදර කතාව

අනන්ත අප්‍රමාණ වාර ගණනක් මේ සංසාරේ අපි තැනින් තැන ඇවිදලා ඇවිදලා එක තැනකදි කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ බොහෝම කලාතුරකින් අපි මනුස්ස ආත්මයක් ලබාගන්නේ. එහෙම ලබාගත්ත මනුස්ස ජීවිතය ඇතුළේ කොයි තරම් නම් දේවල්වලට අපි මුහුණ දෙනවද?

අනන්තවත් හැල හැප්පීම් එක්ක ගොඩක් මිනිස්සු ජීවිතේ ගත කරනවා. මිනිස්සු වෙන අපි මේ ජීවිතේ පවත්වගෙන යන්න හරි ඉක්මනට බැඳීම් එක්ක එකතු වෙනවා. ගොඩක් වෙලාවට මේ බැඳිම් මිනිස්සුන්ගේ ජීවිතේ තීරණාත්මක සාධකයක් වෙනවා. ජීවත් වෙන්න වගේම මැරෙන්නත් මේ බැඳීම් සමහර වෙලාවට මූලික වෙනවා. ආගමට දහමට නැඹුරු වුණ සමහර පිරිස් වෙලාවකට කියනවා අපේ ළඟ තියෙන සමහර බැඳීම් සංසාරයෙන් සංසාරයට අපට හමුවෙනවා කියලා.

අපේ මිනිස්සු මරණ මංචකයෙදිත් සමහර ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මෙත් අපි අනිවාර්යෙන්ම හමුවෙමු කියලා. ඒ වගේම ඇතැම් ආදරවන්තයො ප්‍රාර්ථනා කරන්නෙ අපි මැරුණත් කවදාවත් වෙන් නොවී ඉමු කියලා. මේ ලෝකේ සැඟවිලා තියෙන ඇතැම් සංසද්ධි අපට තේරුම් ගන්න බැරි තරමට සංකීර්ණ වෙනවා. හරි නිර්වචනයක් දෙන්න වගේම ඇයි එහෙම වෙන්නෙ කියන්නවත් බැරි තරමටම අපි නිරුත්තර වෙනවා. මිනිසුන්ගේ හදවත් එක්ක ගොඩනැගුණු බැඳීම් අර්ථකථනය කරන්න අපිට කොහොමත් බැහැ. ඔබත් මමත් විශ්වාස නොකළත් සමහර බැඳීම්වලට මේ ආත්මයේ වගේම ඉන් එපිට ආත්මයෙදිත් සම්බන්ධයක් තියෙනවා.

මේ ආත්මයෙදි සම්පූර්ණ කරගන්න බැරිවුණ අසම්පූර්ණ වුණ කතා ඊළඟ ආත්මයේදි හරි සම්පූර්ණ කරගන්න අවස්ථා උදාකරගන්න ඒ අය මඟ බලන් ඉන්නවා. මේ කියන්න යන්නෙ ඒ වගේ අතහැර ගන්න බැරි වුණ අසම්පූර්ණ ආදර කතාවක් ගැන.

මේ කතාවේ සමහර තැන් ඔයා විශ්වාස කරන්න පැකිළේවි. ඒත් ඒ හැමදේම ඇත්තටම ඔයත් මමත් පය ගහලා ඇවිදින මහපොළොවේ තවමත් ජීවත්වෙන මිනිස්සු අත්විඳපු සංසිද්ධි. ඒ නිසා ඒ ගැන හරස් ප්‍රශ්න නගන්නේ නැතුව අපි බලන් ඉන්න එක විතරක් කරමු.

ඒ 2003 වර්ෂයේ අග භාගය වගේ. දින ගෙවුණෙ හරි හෙමින්. රට පුරාම තැනින් තැන මර බියෙන් ගොඩ ගැහුණු මිනිස්සු විතරමයි හිටියේ. යුද්ධේ නිසා ගමනක් බිමනක් වුණත් මිනිස්සු ගියේ හරි බයෙන්. ඒ ගෙවුණෙ මහා අඳුරු දවස් වුණා.

මේ කතාවට මුල් වුණේ මහසෙන් දෙවියන්ගේ අඩවිය වුණු මින්නේරිය. ඒ මින්නේරියේ හමුදා කඳවුරේ 7 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙදි. හතර වටින් මොන යුද වාතාවරණයක් තිබුණත්, හරි තිගැස්මකින් මිනිස්සු හුස්ම ගත්තත්, ගොඩක් අයට හොරෙන් හරි ආදරණීය කතාවක් මේ කඳවුර ඇතුළේ ගලාගෙන ගියා.

ඒ වෙනකොට මේ කදවුරේ අණදෙන නිලධාරියා වුණේ ලුතිනන් කර්නල් නිහාල් දයාරත්න මහත්මයා.

මේ කතාවේ කතා නායිකාව වුණ කාන්තා සෙබල ශ්‍යාමලී වැඩ කළේ කර්නල් නිහාල්ගේ පරිගණක ක්‍රියාකරවන්නිය විදිහට. ඇගේ ආදරවන්තයා වුණු කෝප්‍රල් සුසන්ත කුමාර ඒ කදවුරේම ශරීර යෝග්‍යතා පුහුණුකරු විදිහට සේවය කළා.

මේ දෙන්නගෙ ආදර කතාව මේ කඳවුරේ කර්නල් වූ නිහාල් මහත්තයත් දැනගෙන හිටියා. එතුමා මේ දෙන්නට සැලකුවේ එයාගෙම දරුවො දෙන්නෙක්ට වගේ. හරි සමීප විදිහට මේ තුන්දෙනා හිටියේ.

ඇගේ ගෙවල් තිබුණෙ මැදිරිගිරියේ. ඔහුගේ ගම වුණේ හිඟුරක්ගොඩ මේ දෙන්නගෙ ආදරේ මල්ඵල ගැන්විලා විවාහ වෙන්න සියලුම කටයුතු සූදානම් කරලා තිබුණෙ. ඒ විවාහයට තිබුණෙ මාස කිහිපයක් විතරයි.

හැම ජීවිත කතාවකම අපිට හරි වැරදි දේ තෝරගන්න වෙලාවක් එනවා. ඒක ජීවිතේ තීරණාත්මක වේලාවක්. මෙතනදි අපි ගොඩක්ම විශ්වාස කරන සහ අත්දකින දේ පවා වැරදි විදිහට අර්ථකථනය වෙනවා. දීර්ඝ කාලයක දැනීම සහ පරිචය සමඟ අපට පුළුවන් වෙන්න ඕන එතැනදි කව්රු කොහොම සපථ කරල කිව්වත්, පෙන්නුවත් හරි දේ හරි විදිහටත් වැරදි විදිහටත් දකින්න. ඒත් ගොඩක් අය එතනදි අතරමං වෙනවා. අවාසනාවට ශ්‍යාමලීටත්, සුසන්තටත් බැරි වෙනවා එකට එකතු වෙලාවත් හරි තීරණයක් ගන්න.

කර්නල් නිහාල් කියන්නේ දැඩි බෞද්ධාගමිකයෙක්. කර්නල්ටත් නොදැනීම මේ කඳවුර ඇතුළේ එක්තරා මේජර්වරයෙක් “යොහුවා විට්නස්” කියන කිතුණු ආගම පතුරවන්න වුණා. ක්‍රිස්තියානු ආගමේ ප්‍රධාන නිකායන් 7ක් තියෙන අතර ඊට අමතරව නිකායන් කිහිපයකුත් තියෙනවා. ඉන් එකක් තමයි “යොහුවා විට්නස්” කියන්නේ. ගොඩක් රටවලින් වගේම කිතුණු ආගමෙත් තහනමට ලක්වෙලා තියෙන මේ නිකාය දැඩි ලෙස දෙවියන් වහන්සේගේ මතිමතාන්තර තුළම පිහිටලා ක්‍රියාකරන බව තමයි දැනගන්න ලැබෙන්නේ.

දෙවියන් වහන්සේගේ අදහස් ප්‍රායෝගික ලෝකයේ ඇවතුම් පැවතුම් සමඟ මුහු කිරීමකින් තොරව එය ඒ ආකාරයෙන්ම විශ්වාස කිරීමක් තමයි සිද්ධවෙන්නේ. දෙවියන් තමයි හැමදේම ලෙස සිතමින් රෝගයකට බෙහෙත් ගැනීම පවා මොවුන් ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ කියන අන්තවාදී “යොහුවා විට්නස්” කියන ආගම මින්නේරිය කඳවුර ඇතුළෙත් පැතිරෙමින් තියෙන්න වුණා. ශ්‍යාමලීත්, සුසන්තත් බොහොම හිතවත් වුණත් කර්නල් නිහාල් සමඟ, ඔහුවත් නොදැනුවත්වම මේ දෙන්නා මේ ආගම වැළඳගෙන එය පිළිපදිමින් ඉඳලා තියෙනවා.

ඉර උදාවෙමින් සඳ බැස යමින් දින එකින් එක ගෙවෙන මේ අතරවාරයේ කඳවුරේ බොහෝ පිරිසකට කාටත් හොරෙන් කලින් කී මේජර්වරයා හෙයුවා විට්නස් ආගම ගැන පන්ති පවත්වලා තිබුණා.

මේ දෙන්නටත් ඔහු කියලා තිබුණා ඔය දෙන්නට විවාහයටත් වඩා වැදගත් වන්නේ ඉතාම ඉක්මනින් ස්වර්ගයට යන එක බව. මේ අදහස මේ දෙන්නගෙ ඔළුවලට කාවද්දලා තිබුණෙ. විවාහ වෙන්න නියමිත දිනයට මාස එකින් එක ළංවෙද්දී මේ දෙන්නා තීරණය කරලා තිබුණා ඉක්මනටම ස්වර්ගයට යන්න.

ලෝකාන්තයෙන් පැනලා ජීවිත හානි කරගත්ත මේ දෙන්නගෙ සිරුරු හමුවුණේ දින කිහිපයකට පස්සේ.

එකපාරටම මේ සිද්ධ වුණේ මොකද්ද කියලා කඳවුරේ කිසිවෙකුටත් තේරුම් ගන්න බැරි වුණා. හැමෝම තුෂ්නිම්භූත වෙලා බලන් හිටියා මොකද්ද මේ වුණේ කියලා. මින්නේරිය කඳවුරේ දින ගෙවපු මේ යුවල ගැන කතා එක එක විදිහට ප්‍රසිද්ධ වීම සමස්ත කඳවුරටම කැළලක් වුණා. මේ කරපු බරපතල වරද නිසාම මේ දෙදෙනාගෙ අවසන් කටයුතුවලට හමුදාවෙන් කිසිඳු සහයක් නොලැබුණත් කර්නල් නිහාලුත් කඳවුරේ අනිත් පිරිසත් සිවිල් ඇඳුමෙන් ගොස් කළ හැකි උපරිමයෙන් අවසන් කටයුතු නිමා කරලා ඇවිත් තිබුණා.

ඉන් දින කිහිපයකට පසු මේ දෙන්නා මිය යන්න කලින් කර්නල් නිහාල්ටත්, ඔවුන්ගේ පවුලේ උදවියටත් ලියපු ලියුම් තැපෑලෙන් ලැබීමත් සමඟ මේ මරණවල සැබෑ කතාව එළියට එන්නට වුණා. තමන්ගේ මරණවලට කිසිවෙකු වගකිවයුතු නොමැති බවත්, “යොහුවා විට්නස්” දහමට අනුව අප දෙදෙනා ස්වර්ගයට යාමට තීරණය කළ බවත් මේවායේ සඳහන් කර තිබිලා තියෙනවා. කිසවෙකුටත් ‍ෙදාස් නොනඟා මොවුන් දෙදෙනා හැමෝගෙන්ම සමුගෙන තිබුණා.

මේ දෙදෙනාගේ අවසන් කටයුතු නිමවෙලා දින කෙමෙන් ගතවෙද්දී මින්නේරිය කඳවුර ඇතුළේ අමුතු අමුතු දේවල් වෙන්න පටන්ගෙන තිබුණා.

දිනක් සේවා මුරය අවසන් වෙලා පැමිණි සෙබළුන් කිහිපදෙනෙක් අතරට PT ඇඳුමින් සැරසුණු සුසන්තත් පැමිණ ඔවුන්ගේ කතාබහට එකතු වෙලා තිබුණු අතර ඔවුන්ට ද සුසන්ත මියගිය පුද්ගලයෙකු බව සිහි වූයේ ටික වේලාවකට පසුවය.

එසේම කඳවුරේ තැනින් තැන වෙලාවක් අවේලාවක් නැතිවම නිල් පැහැති දිග ගවුමකින් සැරසුණ ශ්‍යාමලී ද එකිනෙකා සමඟ කතාබහට එකතු වෙලා තිබුණා. ඇය සේවය කළ කර්නල් නිහාල්ගේ කාමරය ඇතුළෙදී යම් කාල වේලාවන් අතරතුර ඇය පරිගණකයේ අකුරු ලියමින් සිටින්නට ද වුණා. ඒ වගේම මේ දෙදෙනාගේ අල්ලාප සල්ලාපයන් ද නොඅඩුව මෙහි ඇසෙන්නට වුණා.

දිනයක් වේලාවක් නොමැතිව ප්‍රසිද්ධියේ මේ දෙදෙනා පැමිණ අනෙකුත් අය සමඟ සම්බන්ධ වීමට උත්සහ කිරීම නිසා කදවුර තුළ සෙබළු යම් තිගැස්මකට ලක්වන්නට වුණා.

බුදුන් වහන්සේගේ ධර්මය තුළ පවා සඳහන් වෙන්නේ දැඩි ආශාව, තෘෂ්ණාව නිසා අපි තව තවත් මේ සංසාරයට ඇද බැඳ තියනවා. අපි ආදරේ කරන තරමට අපිට ඒ දේවල්වලින් අෑත් වෙන්න බැරි වෙනවා. අපි ආස කරන තරමට ඒ දේවල් නැතුව ඉන්න බැරි වෙනවා. ඒක අපේ මනුස්ස ස්වභාවය.

දැඩි ආශාවෙන් අපි ආදරය කරපු දේවල්වලින්, බලාපොරොත්තු පොදි බැඳගෙන හිටපු දේවල්වලින් නොහිතපු වෙලාවක අපිට අෑත් වෙන්න වුණාම ඒවට ආයෙත් ළංවෙන්න උත්සහ කරනව අපි. මේ දෙන්නත් එහෙම වෙන්න ඇති.

මොන විදිහේ යකදුරන් ගෙන්වලා මේක ඉවත් කරගන්න හැදුවත් ඒවා සාර්ථක වුණේ නැහැ. ඒ හැමෝම කියල තිබුණේ මේ දෙන්නා බොහොම ආදරෙන් හිටියෙ වගේම විවාහයට බොහොම ආසාවෙන් බලන් හිටියේ. එයාලා රැවටීමකට ලක්වුණා. ඒ වගේම මේ දෙන්නා දැන් හිරවෙලා ඉන්නෙ ඒකෙන් මිදෙන්න බැරුව. අවුරුද්දක් විතර ඉඳලා එයාලා යන්න යන බවයි.

ඕනෙම ආගමකින් වෙන්න ඕන ඒ ආගම අදහන භක්තිමතුන්ට සැනසිල්ලක් වෙන එක. ආගමකින් කිසිවිටෙකත් ඒ බැතිමතාගේ ජීවිතය උදුරාගන්න උත්සාහ කරන්නේ නැහැ.

අන්ධනුකරණයෙන් ආගම් අදහන මිනිස්සු අඳුරෙ ඉඳලා ආලෝකයට යනවා වෙනුවට කරන්නේ ආලෝකයේ ඉන්න මිනිස්සු අඳුරට යවන එක. යම් පිරිසකගෙ තිබුණු මිත්‍යාදෘෂ්ටික ඇදහිලි නිසා අන්තිමට වන්දි ගෙවන්න වුණේ අහිංසක ජීවිත දෙකකට.

මේ නිසා ඒ ආත්මවලට හරියටම ගැලවීමත් තිබුණද කියන්න අපි දන්නෙ නැහැ. ශ්‍යාමලීටත් සුසන්තටත් ලස්සන හීන තියෙන්න ඇති. ඒවා සැබෑ වෙන්නත් කලින් දෛවය විසින් ද නැත්නම් ඒ දෙන්නම ඒ හීනවලට ගිනි තියාගත්තද කියන්න දන්නෙ නැහැ. ඒත් කොහොම හරි ඒක වෙලා ඉවරයි.

අපිට කියන්න තියෙන්නෙ ඔබ අදහන ධර්මය ඇතුළෙ ඔබ අතරමං නොවී හරි මඟ යන්න කියලා විතරයි. මේ දෙන්නා තවමත් මේ සංසාරේ ඇවිදන් යනව ඇත. තමන්ගේ ජීවිතය හානි කරගැනීම අපි අදහන ධර්මයට අනුව නම් ගෙවා ගන්න බැරි පාපකර්මයක්.

ශ්‍යාමලීත් සුසන්තත් නොදැනුවත්කමින් මේ දේ කරගත්ත නිසා අපි ප්‍රාර්ථනා කරනවා හරි ඉක්මනටම ඒ දෙන්නට මනුස්ස ආත්මයක් ලබාගන්න පුළුවන් වෙලා මේ ආත්මයේ සම්පූර්ණ කරගන්න බැරි වුණ හීනය උපදින ආත්මේවත් සැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා.
————-

උපුලි පුන්සරා

“මම ඒ දෙන්නව ඇස් දෙකටම දැක්කා”

ඒක මගේ ජීවිතේ අමතක නොවෙන අත්දැකීමක්. ඒ දවස්වල මම වැඩ කළේ රූවපාහිනී ආයතනයක. මම සෝමාවතිය ගැන වැඩසටහනක් කළා. ඒ කාලේ ත්‍රස්තවාදය තදින්ම පැතිරුණ දරුණු කාලයක්. මින්නේරියේ ජචථන එකේ සෙනසුරාදා ඉරිදා නැවතිලා ඒ ගැන තොරතුරු හොයාගෙන මම එනවා. ඒ නිසා තමයි මම මේ සිදුවීමට සම්බන්ධ වුණේ. මේ තරුණයත්, තරුණියත් කර්නල් නිහාල්ට බොහොම ළඟයි. එයාගේම පධධථ එකේ තමයි නිතර ඉන්නේ. මටත් අඳුන්වලා දීලා තියෙනවා. මේ දෙන්නා බඳින්න හිටියේ. හිටිහැටියේ මේ දෙන්නා මිය ගියා කියලා මට දැනගන්න ලැබුණා. ඊට පසුව සති කිහිපයකට පසුව තමයි මම ආයෙත් මගේ වැඩේ කරන්න කඳවුරට ගියේ. එදා රෑ කර්නල් නිහාල් මට පධධථ එකට කතා කරලා කිව්වා බයවෙන්න එපා මීට ටික දවසකට කලින් මිය ගියපු සුසන්තත්, ශ්‍යාමලීත් මේ පධධථ එකේ ඉන්නවා. අපි කියන ඒවා අහගෙන ඉන්නෙ කියලා. ටික වෙලාවකින් මට ඇහුණා පරිගණකයේ බරනඥ කරන සද්දේ. ඊට පස්සේ අපි පධධථ එකෙන් එළියට ආවා, ඒ එළියට එනකම් ඒ දෙන්නා අපේ පස්සෙන් ආවා…. ඒ වගේම මම කඳවුරේ මගේ කාමරේ ඉන්නකොට දැක්කා ඉස්සරහා මල් පාත්තියේ මල් අතගාමින් ශ්‍යාමලී නිල් පාට දිග ගවුමක් ඇඳලා ඇවිදිමින් යනවා. ගොඩක් අය කතාබහ කරනකොටත් මේ දෙන්නා සාමාන්‍ය විදිහට ඇවිත් කතාබහට එකතු වෙනවා. ඒ කාලේ ගොඩක් අය බය වුණා මේ දෙන්නට. හැබැයි කාටවත් කරදරයක් කළේ නැහැ.

චලිත් කිරිඇල්ල
මාධ්‍යවේදී

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: