“හැමදාම අපි තරුණයි කිය කියා ඉන්න බෑ” – දික්‌වැල්ල

February 7, 2017 | 10:44 am    0   548

“හැමදාම අපි තරුණයි කිය කියා ඉන්න බෑ” – දික්‌වැල්ල

දකුණු අප්‍රිකාවේදී එක්‌දින තරග තුනක්‌ පිටපිටම පරාජයට පත්වූයේ පිතිකරුවන් ලකුණු අතර නොසිටීමෙන් වුවත් එහිදී තරුණ කණ්‌ඩායමක්‌ යෑයි පවසමින් හැමදාම ඉන්නට බැරි බවත් නිරෝෂන් දික්‌වැල්ල පවසයි.

කුසල් මෙන්ඩිස්‌ට පසුව පැවැති තරග තුනේදී ශ්‍රී ලංකා පිලේ එකම අර්ධ ශතක ලාභියා වන්නේද දික්‌වැල්ලයි.

තුන්වැනි එක්‌දින තරගයේදී නිරෝෂන් දික්‌වැල්ල අර්ධ ශතකයක්‌ ලබා ගත්තද අනෙක්‌ පිතිකරුවන්ද ඔහු වටා එක්‌ නොවීය. නමුත් ඔහු පවසන්නේ ඔහුට තවත් ලකුණු ප්‍රමාණයක්‌ කණ්‌ඩායමට එක්‌කර දීමට හැකියාව තිබියදී අනවශ්‍ය පහරක්‌ ගැසීමට ගොස්‌ දැවී ගිය බවයි.

”ඇත්තටම අපි තරුණ කණ්‌ඩායමක්‌ තමයි. ඒත් හැමදාම තරුණයි කිය කියා ඉන්න බෑ. මම හිතනවා අපි කට්‌ටිය එක වෙලාවක ලකුණු අතරට එයි කියලා. නමුත් වෙලා තියෙන්නේ ලකුණු අතරට එන කෙනා ඒක ලොකු ඉනිමක්‌ බවට පරිවර්තනය නොකරන එක. එහෙම වුණා නම් ඒ ලකුණු අතර ඉන්න කෙනා වටේ අනිත් අය එකතු වෙනවා. නමුත් ඒක වුණේ නැහැ.” යෑයි දික්‌වැල්ල කීවේය.

”ඇත්තටම තුන්වැනි තරගයේදී මටත් තව ලකුණු ටිකක්‌ ගන්න තිබුණා. මෙහි තණතීරු මන්දගාමී ඒවා තියෙනවා. නමුත් පන්දුව ඉපිලීම සහ දෝලනය හොඳයි. හැමදාම එකොළොස්‌ දෙනාටම ලකුණු අතරට එන්න බැහැ. ලකුණු අතරට එන දෙතුන් දෙනා ලොකු ඉනිමකට ගියොත් මම හිතනවා ඉදිරි තරග දෙකේදී අපිට හොඳ දෙයක්‌ කරන්න පුළුවන් වෙයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: