හැරීට යෂ්ඨිය ලබාදුන් නළුවා මියයයි

January 30, 2017 | 3:28 pm    0   425

හැරීට යෂ්ඨිය ලබාදුන් නළුවා මියයයි

සුප්‍රකට හැරී පෝටර් චිත්‍රපට මාලාවේ නළුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයෙන් බිහිවූ අග්‍රගණ්‍ය නළුවෙකු වන සර් ජෝන් හන්ට් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිය යන විට 77 වැනි වියේ පසුවු ඔහු 2015 වසරේදි සිය අවසන් චිත්‍රපටය සඳහා දායකත්වය ලබාදී ඇත.

නාට්‍ය ක්ෂේත්‍රයට කළ මෙහෙය අගයමින් ඔහුට 2015 වසරේදි නයිට් පදවියක්ද පිරිනමනු ලැබීය.

දිගු කලක් තිස්සේ ඔහු පීඩා විදි පිළිකාවක් මරණයට හේතු වී  ඇති අතර ඔහු හැරී පෝටර්, ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්, ඩොක්ටර් හූ යන්ග්ස්, එලිපන්ට් මෑන් යන ප‍්‍රසිද්ධ චිත‍්‍රපටයන් සදහා රංගනයෙන් දායක වී තිබේ.

හැරී පෝටර් කතාමාලාවේ පළමු කොටසේදී හැරී පෝටර් වෙත මැජික් යෂ්ඨිය තෝරා දෙන්නේ ඔහු විසිනි. එහි වීඩියෝව පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: