හිටපු ඇමති අස්වර් මියයයි

August 30, 2017 | 8:59 am    0   196

හිටපු ඇමති අස්වර් මියයයි

හිටපු අමාත්‍ය අල්හාජ් ඒ.එච්.එම්. අස්වර් මහතා ඊයේ (29) මියගොස් ඇත. මියයනවිට 80 වැනි වියේ සිටියද ඒ වනතුරුම ඒ මහතා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවී සිටියේය. ඒ පොදුජන පෙරමුණත් සමඟිනි.

පසුගිය කාලයේ ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබු බවද වාර්තා විය.

හිටපු අමාත්‍ය අස්වර් අවසන් වරට නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මියයාමට දින කිහිපයකට පෙර පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ ඇති ඒ මහතා ඉන් නික්මගොස් ඇත්තේ එම පක්ෂයේ ව්‍යවස්තාව දමිළ බසට පරිවර්තනය කිරීමට එන බවට පවසමිනි.

1950 වසරේ දී ලංකා සමසමාජ පක්ෂයෙන් සිය දේශපාලන ගමන ආරම්භ කළ අස්වර් මහතා පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා වරම් හිමිකර ගෙන ඇත්තේ 1989 වසරේදීයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: