හිටපු ජනපති බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමට

March 24, 2017 | 8:30 am    0   254

හිටපු ජනපති බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමට
ජාතික රූපවාහිනි සංස්ථාවට මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් විකාශනය වෙනුවෙන් අය විය යුතු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම  සඳහා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මහින්ද රාජපක්ෂ මහතා අද(24) බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිසම වෙත කැඳවන්නට නියමිතය.
වසර 2015 ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී  මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ජාතික රූපවාහිනි සංස්ථාවට අය විය යුතුව තිබෙන රුපියල් ලක්ෂ එක්දහස් හයසීයක මුදලක් සම්බන්ධව සිදුකරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඒ මහතා කැඳවනු ඇති.
ඉකුත් 16 දා කැදවා  තිබුනද , එදිනට පැමිණීමට නොහැකි බැවින් අද (24) ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙසට හිටපු ජනාධිපතිවරයා තම නීතිඥවරුන් මඟින් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුනු බව සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: