හිතේ ගින්දර ඇවිලෙද්දී කිලිනොච්චියේ අම්මලා අවුරුදු ගැන හිතන්නේ කොහොමද

April 12, 2017 | 12:00 pm    0   149

හිතේ ගින්දර ඇවිලෙද්දී කිලිනොච්චියේ අම්මලා අවුරුදු ගැන හිතන්නේ කොහොමද

යුධ සමයේදී අතුරුදහන් වූ සිය දරු මුණුබුරන් හා ඥාතීන් සොයා දෙන ලෙසත් ඔවුන්ගේ වාර්තා ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට සහ වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට ඊයේ (11) දිනයට දින 50කට ආසන්න වුවද මේ වනතුරු ඔවුන්ට විසඳුමක් ලැබී නොමැත.

වවුනියාව තැපල් කාර්යාලය ඉදිරිපිටදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට දින 45 ක් ගෙවුණද කිසිදු විසඳුමක් ලැබී නොමැත.

කිලිනොච්චියේ සත්‍යග්‍රහයේ යෙදී සිටින වැසියන් දින 50 ක් පුරාවට සත්‍යග්‍රහයේ යෙදුණද ඔවුන්ටද මේ වන තුරු විසඳුමක් ලැබී නොමැත.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුතුව විසින් ආරම්භ කරනු ලැබ ඇති සත්‍යග්‍රහය තමන්ට විසඳුමක් ලැබෙන තුරු අවසන් නොකරන බව සත්‍යග්‍රහකරුවෝ පවසති.

සත්‍යග්‍රහයේ නිරත වැසියන් කියා සිටින්නේ යුද්ධය අවසන් වී වසර 07 ක් ගත වී ඇති අවස්ථාවක යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ දහස් ගණනක් තම දූ දරුවන් ගැන කිසිදු හෝඩුවාවක් මේ දක්වා තමන්ට දැන ගැනීමට නොහැකි වූ බවත් තම දරු මුණූබුරන් වෙනුවෙන් කිසිදු මැදිහත් වීමක් පැවති රජයන් මෙන්ම වත්මන් රජයද සිදු නොකිරීම මගින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බැවින් සිය ඉල්ලීම්වලට සාධාරණ විසුමක් ලබා දෙන ලෙසත් ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

– Wanni Romesh

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: