හිසකෙස් දික්වෙන්න කොට්ටය මාරු කරමු

March 9, 2017 | 3:00 pm    0   633

හිසකෙස් දික්වෙන්න කොට්ටය මාරු කරමු

හිසකෙස් වර්ධනය නො වීම අද කාලේ බොහෝ තරුණියන්ට ඇති ගැටළුවක්. බොහෝ විට කෙස්ගසක් වැඩෙන්නේ මසකට සෙන්ටිමීටරයක් හෝ දෙකක් වගේ ප්‍රමාණයක්. ජානමය බලපෑම් මත හෝ ආහාර රටා අනුව මෙය වෙනස් වෙන්න පුළුවන්. සමහර විට මේ වන විට ඔබ හිසකෙස් දිගු නො වීම ගැන මානසික පීඩනයකින් පෙළෙනවත් ඇති. එහෙමයි කියල හිතෙන හිතෙන තෙල් වර්ග ගාන්න නම් එපා. මොකද ඔබේ කෙස්වලට පහලින් තියෙන්නේ ඔබට වඩාත් වැදගත්ම ඉන්ද්‍රිය නිසා. ඒ නිසා හිසත් එක්ක කරන ගණුදෙනුවලදි හරි පරිස්සමින්. ඒ නිසයි හිසකෙස් වේගයෙන් වර්ධනය කරන ක්‍රම ගැන අපි ඔබට කියන්න යන්නේ…
හිසකෙස් නො කැපීම හා හිසකෙස් අක්‍රමවත්ව කැපීම ඔබේ හිසකෙස්වල වර්ධනය අවම කරනවා. ඒ විතරක් ද හිසකෙස් පළුදු වී ඇත්නම් ඔබ අඟලක් හෝ දෙකක් හිසකෙස් කපා ඉවත් කළ යුතුයි. මොකද ගහක් වුණත් වැඩෙන්නේ කාලෙන් කාලෙට අතු කප්පාදු කළාම. ඒ සියල්ලටම පෙරාතුව හිසකෙස් කැපීමට ඔබ තුළ ඇති බිය හා අකමැත්ත ඉවත් කරගත යුතුයි. ක්‍රමවත් කප්පාදුවට ලෝබවෙන තරමටම හිසකෙස්වල වැඩීමත් බාල වේවි.

හිසකෙස්වල නිරෝගී බව රැඳී තියෙන්නේ ඔබ හිසකෙස්වලට දක්වන සත්කාරයට සාපේක්ෂවයි. ස්වභාවික තෙල් සාත්තුව තරම් කෙස්ගසේ මුලට හා හිස්කබලට සම්බාහනයක් ලබාදෙන්න තව ක්‍රමයක් නැති තරම්. ඒ මඟින් කෙස්ගසේ වර්ධනයට අවශ්‍ය ලේ ගමනාගමනය වඩාත් හොඳින් සිදු වෙනවා. මේ සදහා පොල්තෙල් හෝ ආයුර්වේද තෛලයක් වඩාත් සුදුසුයි. මෙම තෙල් මදක් රත්කර ඊ විටමින් කරලක් සමඟ ගල්වා මිනිත්තු 30ක් පමණ ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න. එය ඔබේ හිසකෙස්වල වර්ධනය වේගවත් කරාවි.
හිසකෙස් වර්ධනය ශාරීරික ක්‍රියාවක්. එය ඔබගේ නිලයට හෝ බලයට වේගවත් කරගත හැක්කක් නොවේ. එයට අවශ්‍ය වන්නේ ඔබේ ශරීරයේ සමතුලිත බවයි. ඒ සඳහා ඔබ විටමින්, කැල්සියම් බහුල ආහාර එක්කර ගැනීමට උත්සාහ කරන්න. ස්වභාවික එළවළු, පලතුරු, පලා වර්ග හැකි සෑම විටම ආහාරයට එක් කරගන්න අමතක කරන්න එපා.

ඔබ නිතිපතා කේශාලංකාර සත්කාරවලට හුරු වූ අයෙක් නම් හිසකෙස් වර්ධනය ඔබට හීනයක්. මොකද එහිදී හිසකෙස්වල පැහැය හා හැඩය වෙනස් කිරීමට භාවිත කරන උපකරණ කෙස්ගසට හානිකරන නිසා. වැඩි රස්නය හිසකෙසට ඔරොත්තු නො දෙන අතර රස්නය අධික ජලයෙන් ස්නානය හා එවැනි උපකරණ භාවිතය ඔබ සීමා කළ යුතුයි.

ඔබේ කාර්යබහුලත්වයත් සමඟ දිනපතා ස්නානය කිරීමට නො හැකි වීමෙන් හිසකෙස් වර්ධනය අඩාල කළ හැකියි. එම නිසා ප්‍රමිතියෙන් ඉහළ ෂැම්පු වර්ගයක් හා කන්ඩිෂනර් වර්ගයක් භාවිත කරන්න. එමෙන්ම මෙහිදී වඩාත් හිතකර වන්නේ ඇල් ජලයෙන් හිස සේදීමයි.
හිස ගැල්වීම සඳහා කොතෙක් නිෂ්පාදන වෙළෙඳපොලේ ඇතත් එවැනි කෘත්‍රීම නිෂ්පාදනවලින් ඉවත් විය යුතුයි. නින්දෙදිත් හිසකෙස් වර්ධනය වන බැව් ඔබ දැනගත යුතු අතර එම නිසා ඔබ හිස තබන කොට්ටය ද මෘදු විය යුතු ය. එය පුළුන් කොට්ටයක් වීම පමණක් සෑහේ. හිස කැක්කුමට කොට්ට මාරු කිරීමෙන් පලක් නො වුණ ද හිසකෙස් වර්ධනයට කොට්ට මාරු කර බැලීම ඔබට කළ හැකියි….
නදී මාණික්කගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: