හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර නාථ දේවාලයේදී හෙට
April 14, 2017 | 3:00 pm 0 203

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ රාජ්‍යය උත්සවය මෙම මස 15 දින පෙරුවරු 11.04 ට යෙදෙන සුබ නැකතට අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික නාථ දේවාල භූමියේදී පැවැත්වෙයි.
මල්වතු අස්ගිරි උභය මහ විහාර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අනුශාසනා පරිදි හිස තෙල් ගෑමේ රාජ්‍යය උත්සවය මහනුවර නාථ දේවාල පරිශ්‍රයේ සංවිධානය කරන බව නාථ දේවාළ බස්නායක නිළමේ නීතීඥ ගයාන් හීන්කෙන්ද මහතා පවසයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර පැවැත්වීමට තීරණය වූ අතර මින් ඉදිරියට එය ශ්‍රී දළදා මාලිගාව අභියස නාථ දේවාල භූමියේ පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තුමේන්තුව මගින් උත්සවය සංවිධානය කරන අතර ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රාජිත සේනාරත්න යන මැති ඇමැතිවරු රැසක් සහභාගී වීමට නියමිත