හෘද රෝගීන් මිය යාමට මාසයකට පෙර පූර්ව රෝග ලක්ෂණ

March 2, 2017 | 12:20 pm    0   636

හෘද රෝගීන් මිය යාමට මාසයකට පෙර පූර්ව රෝග ලක්ෂණ

බ්‍රිතාන්‍යයේ 2006 සහ 2010 කාල පරාසය ඇතුළත හෘදයාබාධ හේතුවෙන් මියගිය රෝගීන්ගේ දත්ත එම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත.

ඒ අනුව, හෘදයාබාධවලින් මියගිය එක් ලක්ෂ තිස් පන්දහස් නවසිය පනහක් අතරින් ඉන් 21,677ක් පපුවේ වේදනාවක් හෝ අනෙකුත් රෝග ලක්ෂණයක් වාර්තා කොට නොමැති බව හෙළි වී තිබේ.

මිය යාමට මාසයකට පෙර පූර්ව රෝග ලක්ෂණ

සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ මෙවැනි මරණ අවම කර ගැනීමට අවැසි පියවර පෙළ ගැස්වීමට වැඩි දුර පර්යේෂණවල යෙදීම අත්‍යවශ්‍ය බවය.

මියගිය රෝගීන්ගෙන් 16% ක් මිය යාමට දින 28ක් වැනි කාලයක් තුළදී රෝහල්ගත කරනු ලැබුවන්වන අතර ඔවුන් අතරින් ඇතැමෙකු පපුවේ වේදනාව වැනි පුර්ව රෝග ලක්ෂණ සහිතවුවන් බව ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලේජ් හි සමීක්ෂකයෝ පැවසුහ.

‘ද ලාන්සෙට්’ නම්වූ බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ පළකරන ලද සමීක්ෂණ වාර්තාවේ ප්‍රධාන කතෘ වෛද්‍ය පර්විස් අසාරියා පෙන්වා දෙන්නේ “රෝගියකු ඇතුළත් කිරීමේදී, හෘදයාබාධය මූලික හේතුවක්වන අවස්ථාවකදී ඊට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් සමත්වුවත් ද්විතීයික හෘදයාබාධයකදී හෝ නුදුරේදී හෘදයාබාධයක් නිසා සිදුවිය හැකි මරණයකට තුඩුදෙන අවිනිශ්චිත රෝගී ලක්ෂණයක් සම්බන්ධයෙන් එතරම් සාර්ථක වන්නේ නැහැ.” යනුවෙනි.

පුර්ව හෘදයාබාධ ලක්ෂණ

  • පපුවේ වේදනාව – දැඩි තෙරපුමක ස්වභාවයක්, පපුව මැද හිරවනු දැනීම
  • ශරීරයේ වෙනත් ප්‍රදේශවල දැඩි වේදනාවක් ඇති වීම – පපුවේ සිට අත (සාමාන්‍යයෙන් වම අතෙහි මෙම ස්වභාවය හටගත්ත ද, දෑතටම බල පෑ හැකිය.), හකු ප්‍රදේශය, බෙල්ල, කොන්ද ප්‍රදේශය හෝ උදරය දක්වා දිවෙන වේදනාවක්.
  • ක්ලාන්ත ස්වභාවයක් ඇති වීම
  • දහදිය දැමීම
  • හුස්ම ගැනීමේ අපහසුතාව
  • වමනය දැමීමේ අවශ්‍යතාව – අසනීප ගතියක් දැනීම
  • අධික නොසන්සුන්බව (තැතිගත් ස්වභාවයක්).
  • කැස්සක් හෝ ඇදුම ස්වභාවය.

ඇතැම් අවස්ථාවල විශේෂයෙන් ම කාන්තාවන්, වයස්ගත පුද්ගලයන් සහ දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන්ට පපුවේ වේදනාවක් කිසිසේත් නොදැනේ.

සමීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන පරිදි හෘදයාබාධයකින් මිය යාමට මාසයකට පෙරදී ම, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව වැනි රෝග ලක්ෂණ සමහර රෝගීන් වෙතින් දිස්වේ.

උපුටා ගැනීම – bbc

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: