හෙට මැදියම් රැයේ සිට දුම්රිය රියදුරු – නියාමක අඛණ්ඩ වැඩ වර්ජනයක්

June 19, 2017 | 5:21 pm    0   109

හෙට මැදියම් රැයේ සිට දුම්රිය රියදුරු – නියාමක අඛණ්ඩ වැඩ වර්ජනයක්

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමොටිව් ඔපරේට් ඉන්ජිනියස් රියදුරු සංගමය සහ ලංකා දුම්රිය නියාමක සංගමය පවසයි.

ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ කළ සාකච්චාවකදී තම ශ්‍රේණියට අදාළ ඉල්ලීම් ඉටුකරන බවට පොරොන්දුවක් ලබාදුන්න ද මෙතෙක් එම ඉල්ලීම් ඉටු නොකිරීම නිසා මෙලෙස වැඩ වර්ජනයකට යාමට තම කමිටුව තීරණය කල බව ලොකොමොටිව් ඔපරේට් ඉන්ජිනියස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: