හෙට සිට ඩෙංගු මඩින්න දෙසතියක්

June 27, 2017 | 5:59 pm    0   165

හෙට සිට ඩෙංගු මඩින්න දෙසතියක්

මේ දිනවල දිවයින පුරා පැතිරී යන ඩෙංගු වසංගතය පාලනය කිරීමේ අරමුණින් හෙට (28) සිට ඉදිරි දෙසතියක කාලය පිරිසිදු කිරීමේ දෙසතියක් ලෙස නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

මේ පිළිබඳව සඳහන් නිවේදනයක් එම අමාත්‍යාංශය මගින් නිකුත්කර ඇති අතර, මෙම වැඩසටහන ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත සිදුකෙරෙන බව ද එහි සඳහන්ය.

මේ සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් 100 යෙදවීමට ද අපේක්ෂිතය.

මේ දිනවල යලිත් අධික වැසි සහිත කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ඇති බැවින් ඒ සමගින් මදුරු ඝනත්වය ද ඉහල යා හැකි බැවින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: