හෙද නිලධාරීන් පිලිබඳ සෞඛ්‍ය ඇමතිගේ අලුත්ම නියෝගය මෙන්න

July 24, 2017 | 6:21 pm    0   121

හෙද නිලධාරීන් පිලිබඳ සෞඛ්‍ය ඇමතිගේ අලුත්ම නියෝගය මෙන්න

ස්ථාන මාරුවීම් නියෝග මත සිටින සියලුම හෙද නිලදාරීන්ව අගෝස්තු 01 වැනිදාට පෙර මුදාහරින ලෙස සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (හෙද පාලන) එල්.බී.එම්. රහුමාන් වෙත අද (24) නියෝග කළේය.

මැයි 01 වැනි දින සිට එම මුදාහැරිම් කරන ලෙස මිට පෙර දැනුම්දී ඇතත්, එය විධිමත්ව සිදු නොවූ බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කරනු ලබන බව ඇමතිවරයා පැවසීය.

ස්ථාන මාරුවීම් නියෝග ලැබූ සියලුම හෙද නිලධාරීන් අගෝස්තු 01 වැනි දින වන විට නව සේවා ස්ථාන වලට වාර්තා නොකළහොත් රැකියා අහිමිවීමේ අවදානමක් ද පවතින බව සඳහන් කෙරිණි.

එලෙස කටයුතු නොකරන සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව විනයානුකුල පියවර ගන්න බවද ඇමතිවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලන මධ්‍යස්තානයේදී පැවති අතර එහිදී ඇමතිවරයා මෙලෙස අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: