ෆුල්ෆෙස් හෙල්මට් තහනමක් නැහැ

March 3, 2017 | 9:42 am    0   490

ෆුල්ෆෙස් හෙල්මට් තහනමක් නැහැ

පසුගිය පෙබරවාදී 23 වැනි දින ෆුල්ෆෙස් වර්ගයේ හෙල්මට් පැළඳීම තහනම් කරමින් නිකුත් කල ගැසට් නිවේදනයත් සමඟම ඉදිරි මාස 4 ඇතුලත ෆුල්ෆෙස් හෙල්මට් ආනයනය නොකිරීමේ තත්වයක් ඇතිවිය හැකි බවත් වෙළඳපොලේ හෙල්මට් හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා පවසා සිටිනවා. ඔහු ඒ බව පවසා සිටියේ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.

කෙසේ වෙතත් මෙම ගැසට් නිවේදනයෙන් ෆුල්ෆේස් හෙල්මට් පැළඳීමට තහනමක් පනවා නොමැති බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: