ෆෙඩරර් හා සෙරීනා ඔස්ට්‍රේලියානු විවෘත ශූරතා දිනයි

මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශය ජය ගැනීමට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් හා එහි කාන්තා අංශය ජයගැනීමට ඇමෙරිකාවේ සෙරීනා විලියම්ස් සමත් විය.

ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී තියුණු තරගයකින් අනතුරුව ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් තරග වට 3-2 ක් ලෙස පරාජය කරමිනි.

ෆෙඩරර් මේ සමගින් සිය ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ ප්‍රමාණය 18 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර ඔහු මීට පෙර අවසන් වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් හිමි කර ගත්තේ 2012 වර්ෂයේදීය.

කාන්තා අවසන් මහා තරගයේදී සෙරීනාගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාව වූයේ ඇගේම වැඩිමල් සොයුරිය වීනස් විලියම්ස්ය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 2 =