ෆේස්බුක් ඒකෙන් තෑගී එවනවා කියා මුදල් වංචා කල අයෙක් රිමාන්ඩ්

March 23, 2017 | 3:00 pm    0   324

ෆේස්බුක් ඒකෙන් තෑගී එවනවා කියා මුදල් වංචා කල අයෙක් රිමාන්ඩ්

නයිජිරියානු ජාතිකයකු ‘ෆේස්බුක්’ සමාජ ජාලය හරහා ත්‍යාග පාර්සල් එවන බව හඟවා රුපියල් හයලක්ෂ පනස් දහසක් වංචා කිරිමේ සිද්ධියට ආධාර අනුබල දුන් බදුල්ල බන්ධනාගාරයේ සිටි තුන්වන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 29දා දකවා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ(22) නියෝග කළාය.

මෙලෙස රක්ෂිතගත කෙරුණේ අනුරාධ සංජීව නැමැත්තෙකි. රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද සැකකරුට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. සැකකරු ස්වේච්ඡාවෙන් වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකරුගේ ගිණුමට බැරවූ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් ගෙවූ අතර සැකකරු 24 වන වියේ පසු වන අතර වරදේ බරපතලකම නොදැන වරද සිදු කළ බැවින් ඇප ලබා දෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරයා සිදු කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.

මෙම සිද්ධියේ ඇප මත සිටින 20 වන වියේ පසුවන මහේල බණ්ඩාර සහ 21 වන වියේ පසුවන එච්. නවෝද්‍ය යන අයද අධීකරණයේ පෙනි සිටියහ.

සිද්ධියට අදාළ ෂෙවින් මෝගන් නැමැති නයිජිරායානු ජාතිකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් කළමනාකාරිණියක වන මොරින් සමරතුංග නැමැති අය විසින් රහස් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: