‘ෆොන්සේකා ගේනවා’ – රාජිත අනතුරු අඟවයි

May 2, 2017 | 2:00 pm    0   152

‘ෆොන්සේකා ගේනවා’ – රාජිත අනතුරු අඟවයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ වාරණයට ලක් වූ මාධ්‍ය වර්තමානයේ එම පාර්ශවය ගොඩ නැගෙන පරිදි කටයුතු කරන බවත් එසේ කරන්නේ සිය අයිතිය අනුව වන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න පැවසුවේ කොළඹ කැම්බල් පිටියේ පැවැත්වුණ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට සහභාගි වෙමිනි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත හා යහපාලන ආණ්ඩුවේ අනුදැනුම මත නියෝජ්‍ය ඇමති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට රටේ ආරක්ෂාව හා සබැඳි කටයුතු භාර දෙන බවත්
පා. ම. මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ශවය මේ හේතුවෙන් බියට පත්ව ඇති බවත් ඇමතිවරයා පැවසුවේ ය.

ඒ හා සමග ඇමතිවරයා මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කරන වෘත්තීය සමිති ඉලක්ක කරමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එරෙහිවද ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට යහපාලන ආණ්ඩුව කටයුතු සූදානම් කර ඇති බව ය.

ආණ්ඩුව ගෙන යාමට නම් එසේ ක්‍රියා කළ යුතු බව ඇමතිවරයා කීය.

“අද මේ රටේ අහිංසක මිනිස්සු දෙන්නෙක් නායකත්වයෙ ඉන්නෙ. එක්කෙනෙක් ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන. මේ රටේ අවිහිංසාවාදී නායකයෙක්. අනිත් කෙනා රනිල් වික්‍රමසිංහ. එයත් අහිංසකයි. වැඩේ තියෙන්නෙ. දෙන්නම අහිංසකයි. මේ දෙන්නා මේ රටේ යුක්තිය, නිදහස ගැන කතා කරගෙන ඒ අනුව ක්‍රියා කරනවා. එතකොට සමහරු හිතන්නේ ඒක සෙවලකමක් කියලා.” යනුවෙන් ඔහු පැවසීය.

රාපජපක්ෂවරුන් සිය ආණ්ඩු සමයේ කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මිනීමැරුම් සියල්ලට එළඹෙන මැයි දිනයට දඬුවම් ලබා දෙන බවටද ඇමතිවරයා සහතික වූයේ ය.

අගමැති බණ්ඩාරනායක වෘත්තීය සමිති වෙත දුන් නිදහස පිළිබඳව උදාහරණ සපයමින් ඇමතිවරයා කීවේ

“මේ නිදහසෙන් පිස්සු කෙළින්නට දෙන්න බැහැ. ඒක මතක තියා ගන්න. මේ ආණ්ඩුව අපි හැදුවේ ජීවිත පරිත්‍යාග කරලා තමුන්නනාන්සේලා එක්ක පාරට බැහැලා. මේ ආණ්ඩුව ඇල්ලුවෙ අපි සල්ලිවලින් නෙමෙයි.

පහුගිය දවස්වල මේක බලාගෙන ඉන්න බැරිව ජනාධිපතිතුමා කිව්වා ‘අපි දෙමු සරත් ෆොන්සේකට බලතල’ කියලා. මම කියනවා සරත් ෆොන්සේකා මැතිඳුන් – තවත් එවුන් ගෙනල්ලා මේ අවුරුද්දේ අපි කරනවා සහෝදරවරුනි. අපි කියලා කරන්නේ. නොකියා නොවෙයි. අපි ගේනවා. දැන් පරක්කු වැඩියි. අපි ගේන්න පුළුවන් හැම එකාවම ගෙනල්ලා අපි මුන්ව හොයන්වා, මතක තියා ගන්න.” යැයි කී ඇමතිවරයා උතුරේ ජනතාව දාහකට වඩා ජනතාව සමග මැයි දින සැමරූ බවත් උතුරේ ජනතාවගේ ඉඩම් ගැටලු හා දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්න විසඳා නැති මුත් ඔවුන්ට හමුදාවලින් සිදු වන බලපෑම් නැවතීමට යහපාලනයට හැකි වී ඇති බවත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: