12ක් එක්ක ඒකාබද්දෙට යනවා කියූ අරුන්දිකට ඇමැතිකමත් නැතිවෙයි

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනයක මේ බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) දිනයේ සිට බලපැවැත්වේ.

නියොජ්‍ය අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය 27 පෙරවරු 9.30 ට මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට කැඳවා තිබුනේ මිග් යානා ගනුදෙනුවේදි මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී සිටින ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග සමඟ ජපානයේදි ජායාරුපයකට පෙනි සිටිම සම්බන්ධ සිද්ධියක් පිළිබඳ කරුණු වීමසීමකටය.

මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට පමිණ යන අවස්ථාවේදී අරුන්දික ප්‍රනාන්දු තමන් ඇතුළු 12 දෙනෙකු ඇමති ධුර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන බව සඳහන් කර සිටියා. මෙම පිරිස ඉවත් වන්නේ මුල් වටයට බවත් තවත් පිරිස් ඉදිරියේදී ඉවත් වන බවත් ඔහු කියා සිටියා.

මේ පිළිබඳව මෙවර ඉරිදා ඇපල් පුවත්පත සමඟ අරුන්දික ප්‍රනාන්දු මහතා කතා බහා කලේ මේ අයුරිනි.

වැඩිදුර කියවීමට….

>> https://goo.gl/kqZwKg

 

 

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =