“2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ඉතාමත්ම සැක සහිතයි, අවසන් මොහොතේ කිසිවෙකුට නොදන්වා ක්‍රීඩකයන් 4 දෙනෙකු මාරු කරලා” – මහින්දානන්ද අලුත්ගමගේ

July 17, 2017 | 4:38 pm    0   481

“2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ඉතාමත්ම සැක සහිතයි, අවසන් මොහොතේ කිසිවෙකුට නොදන්වා ක්‍රීඩකයන් 4 දෙනෙකු මාරු කරලා” – මහින්දානන්ද අලුත්ගමගේ

2011 දී පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 6කින් ශ්‍රී ලංකාවට පරාජය වීම ඉතාමත් සැක සහිත බව හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ පුද්ගලික ගුවන්විදුලි මාධ්‍යකට මේ පිළිබඳව අදහස් දක්වමිනි.

එම අවසන් මහා තරගය ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එම තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ කඩුලු 6කින් පරාජයට පත්වන්නේ ලෝක ශුරතාවය ඉන්දියාවට හිමිකර දෙමිනි.

ශ්‍රී ලංකාව එම අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ මුලික වටයේදී පාකිස්තානයට පමණක් පරාජයට පත්වෙමිනි. තරගාවලිය පුරාම ශ්‍රී ලංකාව ඉතාමත් ආක්‍රමණශීලි තරග රටාවක නිරත විය.

එම නිසාම බොහෝදෙනා විස්වාශ කලේ ශ්‍රී ලංකාව එවර ලෝක කුසලානය දිනාගනිවීය කියාය. එනමුත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ ලෙස ශ්‍රී ලංකාව එම තරගය පරාජයට පත්විය.

මේ පිළිබඳව එවකට ක්‍රීඩා ඇමතිවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් දැක්වුයේ මෙලෙසය.

අවසන් තරගය ආරම්භවීමට පෙර සැකකටයුතු දේවල් කිහිපයක්ම සිදුවුණා. පලවෙනි එක තමයි ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ලෝක කුසලාන් අවසන් මහා තරගයක වසන් දිනයේදී ක්‍රීඩකයන් 4 දෙනෙක් වෙනස් කළා. සාමාන්‍යයෙන් ජාතික කණ්ඩායමක ක්‍රීඩකයන් වෙනස්කිරිමේදී තේරීම් කමිටුවට දාන ඕනි. ඇමතිවරයා අනුමත කරන්න ඕනි. නමුත් මේ කිසිවක් කරන්නේ නැතුව ක්‍රිකට් පාලක මණ්ඩලය දන්නෙත් නැතුව ඉන්දියාවේ සිට අවසන් මොහොතේ ක්‍රීඩකයන් 4 දෙනෙක්ව මාරු කළා. මේක ඉතාමත්ම සක සහිත කාරණයක්. ඒ ඇයි කියනදේ අපි දන්නේ නැහැ ඇයි වෙනස්කරේ කියල. මේක නීතියෙන් පරිභාහිරව කලේ. මේක තාමත් ප්‍රහේලිකාවක්.

මිට අමතරව එම තරගයට අදාලව තවත් සැක කටයුතු කරුණු කිහිපයක්ම සිදුවූ බව හිටපු ඇමතිවරයා මෙසේ සඳහන් කළේය.

දෙවැනි එක තමයි, එක්තරා ජේෂ්ඨ ක්‍රීඩකයෙක් ක්‍රීඩකයන්ගේ කාමරේ අවසන් දවසේ රෑ ඉගැරට් 40 ගාණක් බිලා තිබුනා කියලා කළමනාකරුවෙක් වාර්තාවක් දීලා තිබුණා.

මිට අමතරව තරගාවලිය පවත්වෙත්දී යම් යම් වෙනස්කම් කරන්න කිත්දී ඒවා නොකර සිටි අවස්තාවන් තිබුනා. මේ පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය පරීක්ෂණයක් ආරම්බභ කළා. නමුත් එක එතරම් දිගට ගියේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: