2016 වසරේ ලංකාවේ අය ගොඩක් උනන්දු වෙලා තියෙන්නේ පියුමි ගැන ලු

January 3, 2017 | 7:30 pm    0   940

2016 වසරේ ලංකාවේ අය ගොඩක් උනන්දු වෙලා තියෙන්නේ පියුමි ගැන ලු

2016 අවුරුද්දත් ඉතිහාසයට එකතු කරලා හා හා පුරා කියලා 2017 අවුරුද්දට ප්‍රවිශ්ට වෙලා ඉන්න මේ වෙලාවේ පහුගිය අවුරුද්ද, ඒ කියන්නේ 2016 අවුරුද්ද ලංකාවේ අයට පට්ට සුබ අවුරුද්දක් නො වුණට හිතන තරම් අසුබත් නෑ කියලා මතක් කරලා දෙන්න ඕනේ. ඒකට එක හේතුවක් තමයි ලංකාව Google එකේ එක පිට එක තිබ්බ වාර්තාවන් හින්දම ලංකාවේ නම ජාත්‍යන්තරයගේ කතාබහට ලක්වෙන්නත් පහුගිය වසර හේතුවක් වුණා.

පෙරළිකාර තාක්ෂණයත් එක්ක ඉදිරියටම යන ලෝකයට අන්තර්ජාලය කියන්නේ ආශිර්වාදයක්. ඒ හින්දම තමයි මාධ්‍ය ක්ෂේත්‍රයේ ඊළඟ විප්ලවය විදිහට අන්තර්ජාලය හඳුන්වන්නේ. ලෝකයේ ගොඩක් රටවල් අන්තර්ජාලය ධනාත්මක විදිහට පාවිච්චි කරනකොට ලංකාව ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට අන්තර්ජාලය පරිහරණයට යොමු වෙන්න සැබෑ හේතුව මොකද්ද කියන එක අපි කාටත් නිශ්චිතවම කියන්න බැරි දෙයක්. කොහොම වුණත් ලංකාව අන්තර්ජාලය පරිහරණය කරන විදිහ ලෝකයේ අනිත් රටවලට වඩා වෙනස් කියලා මුළු ලෝකයටම ඔප්පු කරපු අවස්ථා කිහිපයක්ම පහුගිය දවස්වල අපිට දැකගන්න පුළුවන් වුණා. ඒ අතරින් එකක් තමයි ලෝකයේ රටවල් අතරින් Google හරහා ඵඥය කියලා වැඩිපුර වාර ගණනක් search කිරීම නිසා ලංකාවට පස්වෙනි වතාවටත් පලවෙනි ස්ථානය හිමිවීම හඳුන්වන්න පුළුවන්. මේ ලැයිස්තුවේ ඊට පහලින් තිබ්බ රටවල් ගැන කොහොම වුණත් ලංකාවේ මේ list එකේ පස්වෙනි වතාවටත් පලවෙනි තැනට ආපු එක ඒ තරම් පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ඒකට හේතුව තමයි මිනිස්සු කුතුහලයෙන් හොයලා බලන්නේ නො දන්න, දුර්ලභ දේවල් ගැනනේ. ඉතින් ලංකාව වගේ රටක sex වලට තියෙන barriers එක්ක බැලුවහම කාටවත් නො පෙනෙනවා කියලා හිතාගෙන Google එකේ sex search කරන එක, එක අතකින් බලන්න ගියහම ඒ හැටි අරුමයකුත් නෙවෙයි.

කොහොම වුණත් Google එකේ ඵඥය search කරලා ලංකාව පලවෙනි තැනට එනකොට තව පැත්තකින් තාක්ෂණික දේවල් සම්බන්ධයෙනුත් Google එකේ වැඩිපුරම search කරලා තියෙන්නේ ලංකාව. ඒ වගේම තමයි English කියන වචනය ගැන වගේම Nasa කියන ආයතනය ගැනත් විස්තර හොයන්න උනන්දුවෙන්, උවමනාවෙන් වැඩිපුරම Google එකේ  search කරලා තියෙන රටවල් අතරින් ලංකාවට පස්වෙනි ස්ථානය හිමිවෙලා තියෙනවා.  මේ වාර්තා කොහොම වුණත් දැන් කියන්න හදන්නේ ලංකාවේ අය වැඩිපුරම උනන්දුවෙන් Google search කරලා තියෙන Top 10 list එකක් ගැන. මේ තමයි ලංකාවේ අය පහුගිය වසරේ Google එකේ වැඩිපුරම උනන්දුවෙලා search කරලා තියෙන දහදෙනා.

1.    ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump)
2.    මෙලේනියා ට්‍රම්ප් (Melaniya Trump)
3.    හිලරි ක්ලින්ටන් (Hillary Clinton)
4.    පියුමි හංසමාලි (Piyumi Hansamali)
5.    මිචේල් පිලිප්ස් (Michael Phelps)
6.    මවුනි රෝයි (Mouni Roy)
7.    ඩී.ජේ බ්‍රාවෝ (D.J Bravo)
8.    චාමි අසංකා (Chami Asanka)
9.    දුමින්ද සිල්වා (Duminda Silva)
10.    කීර්ති සුරේෂ් (Keerthi Suresh)

මේ list එකේ උඩින්ම ඉන්නේ පහුගිය අවුරුද්දේ නොවැම්බර් 8 වෙනිදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් නො සිතූ ජයක් අත්පත් කරගත් ප්‍රකෝටිපති ඇමරිකන් ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප්. පැවති ඇමරිකානු මැතිවරණ සම්බන්ධයෙන් ට්ධධඨතඥවල මුළු දකුණු ආසියානු කලාපයෙන්ම වැඩිපුරම උනන්දු වුණු රටක් විදිහටත් ලංකාව නම් කරලා තියෙනවා. ඹ්ඪඵබ එකේ දෙවැනි තැනට ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුරූපි බිරිඳ මෙලේනියා ට්‍රම්ප්. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් එක්කම ලෝකයාගේ වැඩි අවධානය මිලේනියාට යොමු වෙන්න පටන් ගැනීම නිසාම ලංකාවේ මිනිස්සුත් ඇය ගැන වැඩිපුර උනන්දුවක් දක්වන එක ගැන ඒ හැටි පුදුම වෙන්න දෙයක් නෙවෙයි. ලංකාවේ අයගේ වැඩි අවධානය සුරූපි මෙලේනියා වෙත යොමු වෙන්න තවත් එක හේතුවක් තමයි ඇය රංගන ශිල්පිනියක් වීම. ඹ්ඪඵබ  එකේ හතරවෙනියට ඉන්නේ හිලරි ක්ලින්ටන්. ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලන අපේක්ෂිකාවක් තමයි හිලරි ක්ලින්ටන් කියන්නේ. පළපුරුදු, දැඩි දේශපාලන ප්‍රතිපත්තියක් තියෙන හිලරි ක්ලින්ටන් කියන්නේ මුළු ලෝකයේම අවධානය දිනාගත්ත කාන්තාවක්. පහුගිය ඇමරිකානු මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර පැවති කරට කර සටන නිසා මේ දෙන්නා ගැනම ලංකාවෙ අයත් උනන්දු වුණ එක නම් වැදගත් කාරණයක්.

මේ වගේ ජාත්‍යන්තර චරිත ගැන ලංකාවේ අය වැඩිපුර ට්ධධඨතඥ එකේ search කරන ගමන් ලංකාවේ කෙනෙක් ගැනත් වැඩිපුර උනන්දු වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. මේ ඊධන 10 list එකේ හතරවෙනි තැනට ඇවිල්ලා ඉන්නේ ලංකාවේ සුරූපි මෝස්තර නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි. එදා මෙදා තුර සමාජ ජාලා වෙබ් අඩවි තුළ ආන්දෝලනාත්මක චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට එන පියුමි දැන් දැන් ජනප්‍රිය නිළියක් වේගෙනත් එනවා කියලා තමයි ක්ෂේත්‍රයේ ඉන්න අය කියන්නේ. පියුමි ගැන කාගෙත් වැඩි අවධානය යොමු වෙන්න හේතුවක් තමයි ඇයට තියෙන සුරූපි පෙනුම වගේම කාන්තාවක්ට තියෙන ඒ සීමිත රාමුව අතික්‍රමණය කරන්න පියුමි නිරන්තරයෙන්ම කටයුතු කිරීම. ඒ හින්දම තමයි පියුමි හැමදාම වගේ අන්තර්ජාලය තුළ පුවත් මවන චරිතයක් බවටත් පත් වෙලා තියෙන්නේ. කොහොම වුණත් රාජ්‍ය, දේශපාලනික, ජනප්‍රිය ක්‍රීඩා තරු අතරින් මේ list එකේ උඩින්ම ඉන්න පියුමි පහුගිය දවසක විවාහක රූ රැජින තරඟයකින් ලංකාවේ නම ජාත්‍යන්තරයටත් අරගෙන ගිය නිසා පියුමි ගැනත් ලංකාවේ අය වැඩිපුර උනන්දුවෙලා තියෙන එක නම් සැලකිය යුතු කාරණයක්.

එෆ්. ෂර්මිලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: