2017 ගැන යෝගී වරයෙකුගේ ආන්දෝලනාත්මක අනාවැකි

January 5, 2017 | 10:16 am    0   1027

2017 ගැන යෝගී වරයෙකුගේ ආන්දෝලනාත්මක අනාවැකි

ඉකුත් වසරේදී ප්‍රකාශිත අනාවැකිවලින් සියයට 65ක් නිරවද්‍යවී ඇති ඉන්දියාවේ ජීවත්වන බ්‍රිතාන්‍ය ජාතික හින්දු යෝගීවරයකු 2017 වසරේදී ලෝකයේ සිදුවන බව කියන විශේෂිත සිද්ධීන් සම්බන්ධයෙන්  අනාවැකි පල කර තිඛෙන අතර මේ එම අනාවැකි ලයිස්තුවයි.
මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා මත හිලරි ක්ලින්ටන්ට දේශපාලනයෙන් සමුගැනීමට සිදුවේ.
ඩෙන්මාර්කය හා ඉතාලිය යුරෝපයෙන් ඉවතට. ඉතාලි ආර්ථීකය යළි කඩා වැටේ.
යුරෝපය හා ලෝකය වටා දැවැන්ත ආර්ථීක බිදවැටීමක්. රෝමය / මැඩ්රීඩ් / බර්ලින් / පැරිස් හා පැරගුවේ කලාපවලට දැඩි බලපෑම්)
ජර්මනියේ දැවැන්ත ගොඩනැගිල්ලක් ගිනිගෙන විනාශ වෙයි.
ලෝක ආර්ථීක අර්බුධයෙන් බ්‍රිතාන්‍යය / ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව බේරෙයි. එම රටවල් සන්ධානගත වෙයි.
අමෙරිකාව තුල දේශපාලන මතභේද උග්‍රවෙයි.
අමෙරිකාවට දැවැන්ත නියගයක්. යුරෝපයට ප්‍රබල ගංවතුර තත්ත්වයක්.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල ප්‍රබල ගින්නක්.
ඇෆ්ගනිස්තානය තුල ගැටුම් උග්‍රවේ.උස්ඛෙකිස්ථානය තුල කැරැල්ලක්.
ඓතිහාසික යෝධ දැල්ලකුගේ කොටස් ඇන්ටාර්ක්ටින් හිම අතරින් මතුවෙයි.
අයිස්ලන්තයේ ගිනි කදු පිපිරීමක්. විෂ වායු නෝරවේ අහස වසා ගනී.
චන්ද්‍රිකා පරිගණක දත්ත සොරකම් කිරීමක් ගැන චීන අමෙරිකා අර්බුධයක්.
මතභේදාත්මක චීන මුහුදු කලාපය වෙනුවෙන් ජපානය අවි අතට ගනී,
උතුරු කොරියානු නායක කිම් ජොං උන් බලයෙන් පහකෙරේ. දෙසැම්බර්
කාශ්මීරයේ උතුරු කලාපයේ හිමිකමට චීන ඉන්දියා අර්බුධයක්
ෂේක්ෂ්පියර්ගේ අස්ථී සොයාගත් කතාව බොරුවේ. ඔහුගේ සැබෑ සොහොන් ගැබ හමුවෙයි.
යුරෝපයේ පාසල් කිහිපයකට ත්‍රස්තවාදීන්ගෙන් ජෛව අවි ප්‍රහාරයක්.
අමෙරිකාව හා රුසියාව අතර රහස් සන්ධානයක් ගොඩනැගෙයි.
සිරියාව මුඩු බිමක් බවට පත්වී දෙකඩ වෙයි.
අගෝස්තු මාසයේදී අමෙරිකා ආර්ථීකය බිද වැටෙයි.
වසූරිය වැනි බිහිසුනු වසංගතයක් ලොව පුරා පැතිරෙයි. 3න් වන ලෝකයේ රටවල ජීවිත ලක්ෂ ගණනක් වැනසෙයි.
රෝමයේදී පාප් වහන්සේ ඉලක්ක කර ගනිමින් තවත් ප්‍රහාරයක් . උත්සාහය අසාර්ථක කෙරේ.
නවීණ සිනමා තාක්ෂණයක් බිහිවෙයි.

අන්තර්ජාලය ඇසුරින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: