2019 ලෝක කුසලානෙදීත් නායකයා මැතිව්ස්මයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙත් ජොෂ්ඨ ක්‍රීඩකයකු වන ශ්‍රි ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වය වසර 2019 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාව නිමාවනතුරු වෙනස් නොවනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ටෙස්ට් පරාජය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා ජාතික තේරීම් කමිටුවේ අදහස් පළ කිරීමට පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගමාලාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0ක දරුණු පරාජයක් ලැබීමෙන් පසුව මැතිව්ස්ගේ නායකත්වය දැඩි ලෙස විවේචනයට ලක්වීමත් සමග ඔහු නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට රාවයක් පැතිරිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික තේරිම් කමිටුව එක්ව දකුණු අප්‍රිකාවේ සිටින ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක මැතිව්ස්, පුහුණුකරු ග්‍රෙහැම් ෆෝර්ඩ් සහ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහත්වරු සමග අන්තර්ජාලය මගින් පසුගියදා මේ පරාජය පිළිබඳ පසු විපරමක් කළ අතර එහි දී එළැඹෙන විස්සයි20 සහ එක්දින තරගමාලාවට ශ්‍රි ලංකා කණ්ඩායම සූදානම් කිරීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබිණි.

‘එවැනි සාකච්ඡාවක් හැරුණුවිට කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමක් පිළිබඳ අප කිසි මොහොතක සාකච්ඡා කළේ නෑ. මැතිව්ස් තමයි 2019 ලෝක කුසලාන තරගාවලියටත් සුදුසුකම නායකයා. නමුත් ඒ බව එයාත් අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කළ යුතුයි. කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකිම තියෙන්නේ මැතිව්ස්ටයි. කොහොමවුණත් ටෙස්ට් තරගමාලාවට වඩා එක්දින හා විස්සයි20 තරගාවලියේදී දකුණු අප්‍රිකාවේ තණතීරු මීට වඩා වෙනස් වේවි. ‘ සුමතිපාල මහතා වැඩිදුරටත් පැවසීය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − 9 =