69 වැනි නිදහස්‌ සමරුව අදයි

February 4, 2017 | 9:19 am    0   562

69 වැනි නිදහස්‌ සමරුව අදයි

‘ජාතික සමගිය’ තේමා කරගෙන පැවැත්වෙන අභිමානවත් 69 වැනි නිදහස්‌ සැමරුම් උළෙල අද (04 දා) ගාලුමුවදොරදී පැවැත්වේ.

වසර ගණනාවක් විවිධ විදේශීය ජාතීන්ට යටත් වී සිටි ශ්‍රී ලංකාව ඔවුන්ගෙන් නිදහස ලැබූයේ 1948 වසරේදීය.

මානවයා ස්වකීය නිදහස උදෙසා කරන ලද අරගල නිසා මානව ඉතිහාසය විචිත්‍රවත් වී ඇතැයි අදට යෙදී ඇති ජාතික නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

බෞද්ධ ආගමික වතාවත් – කොළඹ පොල්වත්ත ධර්මකිර්ත්‍යාරාම විහාරස්‌ථානයේදී ද, හින්දු ආගමික වතාවත් – කොළඹ 13 ශ්‍රී පොන්නම්බලම් වානේෂ්වරන් කෝවිලේදී, ඉස්‌ලාමීය ආගමික වතාවත් කොළඹ – 12 මහ පල්ලිය දේවස්‌ථානයේදී ද, කතෝලික දේව මෙහෙය – තිඹිරිගස්‌යාය ශාන්ත තෙරේසා දේවස්‌ථානයේදී ද, ක්‍රිස්‌තියානි දේව මෙහෙය බොරැල්ල ශාන්ත ලූක්‌ දේවස්‌ථානයේදී ද පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: