ආදරයක් වෙනුවෙන් බදුලු කෝච්චිය නැවැත්වූ සඳුනිගේ ඇත්ත කතාව

January 3, 2017 | 2:00 pm    0   468

ආදරයක් වෙනුවෙන් බදුලු කෝච්චිය නැවැත්වූ සඳුනිගේ ඇත්ත කතාව

මම සඳුනි. මම පහට විතර ගෙදරින් ආවේ බස් එකේ කොටුවට, හැටන් යන දුම්රිය අල්ල ගන්න. බදුලු කෝච්චියේ තමයි එහෙට යන්න වෙන්නේ. බොහොම අමාරුවෙන් ටිකට් කවුන්ටරය හොයාගෙන තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රැගෙන මම දුම්රියට ගොඩවෙලා ඉඳගෙන හිටියා. එතකොට තමයි දෙන්නෙක් කතා වුණේ “කෝච්චිය අද්දද්දි දෙදරන්න වැඩේ සෙට් කරල තියෙන්නේ” කියලා. මං ඒ දිහා බලපුවහම එයාල මට අතින් මොනව ද කියල බැහැල ගියා.

ලෝකය පවතින තාක්කල් අම්මාගේ කිරිවලින් කාන්දු වූ ආදරයත් හිරුගේ රශ්මියෙන් පණ පෙවූ ජීවිතයත් සෑම මිනිස් හදවතකම ලැගුම් ගන්නා අතර ඒ වූ කලී සම්බන්ධය විසිරී සුණු වී ගිය කලක මේ ලෝකය අපට අවනත නො වූ තැනක් වෙයි. මෙම කරුණු කාරණා නිසා අපට අනෙකාගේ දුක, සතුට, වේදනාව සහ මානව දයාව හැඟෙති. දැනෙති. නමුත් විශ්වාසයන් රැකගැනීම්, කඩවීම් ද ඔය අතරතුර සිදුවෙයි. බාගෙට වසා ඇති ‍ෙදාරක් අපට බාගෙට වසා පමණක් නො ව බාගයක් ඇර ඇති බව ද පැවසිය හැකි ය. එසේම මෙම විශ්වාසය ද අවිශ්වාසය අපට අර්ථකථනය කළ නො හැකි ය. මෙම නිසාත් අපි අනෙකාට වෙනස් නිසාත් දන්නා සියල්ල ලියන්නෙමු. ආචාර ධර්ම, කරුණාව, දයාව සහ සංස්කෘතිය ඇතුළේ සිට ගතානුගතික අදහස්වල නො සිට ලියන්නේ ය.

බදුලු කෝච්චිය පිටත් වීමට තිබූ වේලාව රාත්‍රී අටට විය. පිටත් වූයේ රාත්‍රී දහයට පමණ ය. එපමණ වේලාවක් පමා වූයේ වෙනදා සේ දුම්රිය පවා වීමේ අනන්‍යතාව නිසා නො ව හදිසි ඇමතුම් අංශයට ලැබූ දුරකථන ඇමතුමක් නිසා ය. එනම් බදුලු කෝච්චියේ බෝම්බය ඇතැයි කියා තරුණියක් කියූ පණිවිඩය නිසා ය. බෝම්බයක් තියා කිසිදු දෙයක් නො තිබූ බවත් අඩුම තරමේ පුස් චීන පටස් එකක්වත් හමු නො වූ බවත් පසු සටහන්වල වාර්තා වී තිබිණ. එහි ඇත්තේ අපහාසයට හුරු විහිළුවක් ස්වරූපයේ කතාවකි. තව දුරටත් විස්තර වූයේ දුරකථන ඇමතුම ලබාදුන් තරුණියගේ පෙම්වතා අනියම් පෙම්වතිය බැලීම සඳහා බදුලු කෝච්චියේ යාමට සූදානම් වූ බවත් ඇය එය වැලැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් ය. එය අමූලික අසත්‍යයකි. එනම් අපි ඇයව සොයා ගත්තේ ය. ඇය කියූ කතාව වෙනස් කතාවකි.

පසුදින රාත්‍රියේ ප්‍රධාන ප්‍රවෘත්තිවල ද මෙම පුවත පළ වූ අතර එහෙත් දුම්රිය පරීක්ෂාවට ලක් කර බවත් මෙම නිසා දුම්රිය පමා වූ බව පමණක් ප්‍රකාශ විය. නමුත් මෙම දුම්රිය ප්‍රමාද වීම නිසා දහස් ගණනක මගීන් සංඛ්‍යාවක් අපහසුතාවයට පත් විය. නමුත් මෙහි ඇත්ත කතාව මෙය නො වන නිසා අපි තව දුරටත් සෙවීම් කටයුතු ඇරඹීය.

කෙසෙල්වත්ත පොලිසියටත් කොටුව පොලිසියටත් කතාකොට අප සොයාගත් විස්තර ඔස්සේ මෙහි ප්‍රධාන කතාකාරිනිය වූ අවුරුදු විස්සක් වූ යෞවනිය සොයාගත්තේ තාරුණ්‍යයේ ප්‍රශ්නයක් වූ නිසා ය. ඒ වන විටත් ඇය නිද්‍රාශීලීව සහ බිරාන්තව ගෙදරට වී සිටියේ කිසිවෙකුට මෙම කාරණය නො කියා ය. ඇය කියා අවසන් වූ පෙර සටහනින් නැවත පටන් ගමු.
ඇය එතැනින් බැස ගොස් හදිසි දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබාදී ඇත. පසුව මෙම අංකය තුළින් කතා කළ නිලධාරීන් කියා ඇත්තේ ඔබ ඉතා පරිස්සමට ගෙදර යන්න කියා ය. එවිට අෑ අතේ මුදල් නො තිබූව ද කුලී රථයක ගොස් නවය පමණ වන විට ගෙදරට ඇවිත් ඇත. පියාගෙන් මුදල් ඉල්ලා කුලී රථයට මුදල් දුන් බවත් ඇය කීවා ය. ඒ වන විටත් ඇය නො දන්නා කතාව නම් ඇය කවුද කියා ලංකාවම සොයමින් සිටින බවත් විවිධ මාධ්‍ය මඟින් හා වෙබ් අඩවි මඟින් විවිධ මත ඇය ගැන පළ කරන බවත් ය. ඒ එන මඟ දිගට ලැබී ඇති දුරකථන ඇමතුම් ගණන ද ඉතා වැඩි බවත් මෙම හේතු නිසා ඇය එදා රාත්‍රියේ කාමරයෙන් එළියට නො ආ බවත් කීවේ ය. කතාව මුල ඉඳන් අසා ගැනීමට මා ඇයගේ විශ්වාසය දිනාගෙන කතා කළ අතර ඔබ ද අපගේ විශ්වාසය නිසාම කියවමින් සිටිති. සියල්ල ඇයගේ කතාවයි. මා කිසිවක් ගොතා නැත. මුල සිට කතාව මෙයයි.

“අයියේ මගේ හොඳම යාළුවා හැටන්වල. එයා ඉස්කෝලේ ගියේ අපේ ඉස්කෝලෙටමයි. ඉතින් එයා යාළුවෙලා ඉන්න කෙනා ගැන ගෙදරින් දැනගෙන ඒ සම්බන්ධයට කවුරුත් කැමති නෑ. එයාට ගොඩක් තහනම්. කාමරයෙන් එළියටවත් යන්න තහනම්. ඉතින් එයා මට කතා කරල මේ බව කිව්වා. මං ඉතින් ඇහැව්ව දැන් මොකද කරන්නේ කියලා. එයා කිව්වා අපි හොරෙන් බඳින්න හදන්නේ මට ඒ ගැන ඔයා එක්ක කතා කරන්න ඕන කියල. පස්සේ මං එහෙ යන්න කියලා ගෙදරින් අවසරත් අරගෙන ආවා. හැබැයි ගෙදරින් අම්මා කිව්වා රෑ යන ගමනට එපා කියලත්. පස්සේ ඔය සිද්ධිය වුණ නිසා මං ගෙදර ආවා. අම්මට කිව්වේ එහෙන් එන්න එපා කිව්වා මං ආවා කියලා. එහෙම කිව්වා ගෙදර වැඩක් නිසා කියලා.”
“ඉතින් මොකද ගෙදරට නො කිව්වේ” මං හෙමිහිට එයාට නො දැනෙන්න ඒ විස්තර ඇහැව්වා.

“මට දිගින් දිගටම කොටුව පොලිසියෙන් කෝල් කරලා කිව්වා කාටවත් කියන්න එපා අපි කියන්නෙත් නෑ. ඔයා මොනා ද දැක්කේ ඇත්තම කියන්න කියලා”
ඇය එසේ කියාගෙන යන අතර ඇය අපෙන් අසනුයේ බැරි වෙලාවත් බෝම්බයක් තිබුණ නම් එහෙම අයියේ මට එන්න කියලා ස්තූති කරලා උපහාර දෙයි. නමුත් එහෙම නො තිබුණ නිසා ද මෙහෙම කරන්නේ කියලා. ඇයගේ තර්කයට අපි එකඟව අපි ඔබ සමඟ සිටිනා වග ද ඔබ වෙනුවෙන් ඔබේ පැත්තේ සිටගන්නා වග ද කියා ඇයගේ සිතෙහි බිය පහ කළේ ය. මන්ද අප තාරුණ්‍යයේ ජාතික පත්තරය වන බැවිනි.

26 දිනය එසේ ගත වී ඇත. සත්‍ය සිදුවීම එයයි. දැන් ඔබ අපේ කතාව සමඟ අපි ලියන 29 හවස වනතෙක් දිගට කතාව එක්කර ගන්නෙමු.
කොටුව පොලිසිට මා ඇමතුවේ උදය වරුවත් දවල් වරුවත් අතර ය. ඒ වන විට මෙම පොලිස් ස්ථානයේ මා ඇමතූ දුරකථන අංකයට කතා කළ නිලධාරියා පැවසූයේ මෙම දුම්රිය තුළ බෝම්බයක් තිබේ යැයි කියා දුරකථන ඇමතුම ලබාදුන් තරුණියව පොලිසියට කැඳවා නැති බවත් ඇය කිසිවක් කටඋත්තරයක් සේ නො දුන් බවත් ය. මේ 29 උදය වරුවයි.
ඇය මට පවසා සිටිනුයේ 26 රාත්‍රියේ ඇයට 8.45 සිට දහය දක්වා පෞද්ගලික දුරකථන අංක මඟිනුත් කොටුව පොලිස් දුරකථනය මඟින් ද දුරකථන ඇමතුම් ආ බවත් ඒ සියලුම ඇමතුම්වලට ඇත්තම කතාව කියූ බවත් ය. මා එවිට ඇයගෙන් ඇසුවේ ඉහත මා සඳහන් කළ කතාව කොහොම ද එහෙනම් සියලුම මාධ්‍යයන්හි පළ වූයේ කියා ය. ඇය කියනුයේ ඇය පැවසුවේ ඉහත ඇයගේ සත්‍ය කතාවයි.

එනම් එතෙක් කිසිම අයෙකුට නො කියූ ඒ කතාව පොලිසියට පමණක් ඇය කියා ඇත. ගෙදර කිසිවෙකුටවත්, යහළුවෙකුටවත් ඇයගේ දන්නා ළඟ ඇසුරු පෙම්වතෙකුටවත් තම සහෝදරයාටවත් කියා නැත. එසේ නම් මෙම පුවත කෙසේ මාධ්‍යයට පෙර සිවිල් සමාජයට ගියේ ද ගැටළුවකි. එහි වගකීම පොලිසියට ද?
මම මෙම කතාව නවතා ඇයට මදකට ඉන්න කියා දුරකථන ඇමතුමක් කොටුව පොලිසියට ගත්තේ ය. එවිට මා ප්‍රශ්න කළේ මෙම තරුණිය පොලිසියට පැමිණියා ද පැමිණියේ නැති නම් කටඋත්තරයක් දුන්නේ ද එහෙම නො දුන්නේ නම් මාධ්‍ය හරහා හෙවත් වෙබ් හරහා ඇයගේ පෙම්වතා අනියම් පෙම්වතී බැලීම් සඳහා යන ගමන වැළැක්වීමට මෙලෙස දුරකථන ඇමතුමක් දුන් පුවත නිරාවරණය වූයේ කෙසේ ද යන්නයි. එවිට මෙම නිලධාරියා පවසනුයේ මෙම තරුණිය මුලදී දුරකථනය හා කතා කළ බවත් නමුත් කිසිවක් නො කිබූ බවත් ඇය ගැන විස්තරයක් නො දන්නා බවත් ය. එය අමූලික අසත්‍යයක් බව ඔබට නැවත මා කියනුයේ ඇය මට කියූ සියලු විස්තර එසේ පොලිසියට කියා ඇති වගයි.
එනම් ඇයගේ පැත්තට මා නැවත යොමු වූයේ කොටුව භාර පොලිස් නිලධාරීතුමා උසාවි රාජකාරි සහ වෙනස් රාජකාරි කියා එතැනින් බැහැරව සිටි නිසා ය.
එහිදී තර්කය වනුයේ මෙම සියලු තොරතුරු පාඨකයා අද කියවන විට ඇරෙන්න දැනගෙන සිටියේ කොටුව පොලිසියත් අපිත් පමණ ය. එහෙත් අප දන්නා දෙය දන්නේ ද 29 දා ය. එහෙත් මෙම සිදුවීමේ සත්‍ය සිදුවීම පොලිසිය 26 රාත්‍රියේදීම දැනගෙන ඇත. එනම් සඳුනි වන ඇය කියා ඇති නිසා ය.

පසුව මා එදා මගියෙකුව සිට මෙම සිද්ධියට මුහුණ පෑ මුහුණුපොතේ මිතුරෙක් වන අරවින්දගෙන් ඇසුවේ මෙම සිද්ධියේ ඇත්ත කුමක් ද කියා ය. මන්ද පෙර සඳහන් අනියම් පෙම්වතීගේ කතාවට ඔහු comment එකක් දමා තිබූ නිසා ය.

“මචං මං ඔය සියල්ල දැනගත්තේ වෙබ් හරහා. එතකං මං දන්නේ බෝම්බයක් තියෙන බව දුරකථන මඟින් හදිසි ඇමතුම් අංශයට ලැබුණු නිසා සියල්ල පරීක්ෂා කළා.”
එනම් වරදක් සිදුව ඇත. කොතැන කොහොම වුව ද අපි ඇයගේ කතාවට නැවත යමු. මන්ද එය අපේ පෙර පොලිසියේ කතාව නො වෙන නිසා ය.

“ඔන්න ඔහොමයි පොලිසිය කියන්නේ නංගි. කොහොම ද ඇත්ත ද ඔයා කිසිවක් කිව්වේ නැද්ද? දුරකථනයට කතා නො කර මඟඇරිය ද?”
“අනේ නෑ අයියේ. මට දැන් මැරෙන්න හිතිලා තියෙන්නේ. සත්තයි. අදත් මට පොලිසියෙන් කතා කළා එහෙම දුරකථන අංකවලින් කතා කළා. මගෙන් ඇහැව්ව පොලිසියට එනව ද නැද්ද කියලා. ආපුවහම බලාගමුකෝ කිව්වා. මට බයයි අයියේ. මං හෙට උදේ යනවා. ඔයාලට එන්න පුළුවන් ද? එතනදි හමුවෙලා කතා කරමු ද?”
ඇය හා පැටියෙකු ලෙස ගැහෙමින් කතා කරයි. නො සිතුවක් සිදු වී හමාර ය. මා ද පෙර දවසක හපුතලේ කන්දක් ගිනි ගන්නවා දැක හදිසි ඇමතුම අංශයට දුරකථන ඇමතුමක් දී කියා ඇත. පසුව එය නිවී හෝ දැල්වී තිබුණා ද කියා මගෙන් අසා නැත. එනම් ඇය ද එදා දුන් දුරකථනය ඔස්සේ සෝදිසි කරන අතරතුර බෝම්බයක් හමුවූවා නම් ඇය අද වීරවරියක් වනු ඇත. එහෙත් අද ඇය මව රෝගාතුරව නිසා, ඇය පියාටත් තම සහෝදරයාටවත් නො කියා අසරණව පීඩාව විඳගනිමින් ඇත. පොලිසිය මඟින් මඟට මෙසේ කරදර කර හැර හැර නො අසා සිටියේ නම් ඇය අද එදා සිටි මානසික නිරවුල්භාවයෙන් සිටිනු ඇත. මන්ද සියල්ල ගෙදර කියා සහ යහළුවාට ද විස්තරය කියා ය. එහෙත් වූයේ නො සිතූ දෙයකි. ජාතික ආරක්ෂාව සඳහාත්, මගිියාගේ ආරක්ෂාව සඳහාත් තමාගේ කණට ඇසි වචනය විශ්වාස කර දුරකථන ඇමතුමක් ලබාදී තනිවම විඳවමින් සිටියි. ඇය එය බොරුවට කියූව ද ඇය වැරදි වන්නේ කෙසේ ද? මන්ද බෝම්බයක් තිබීමට වගේම නො තිබීමට හැකි ය. මෙයින් වනුයේ ඉදිරි අනාගතයේ දී මෙවැනි දෙයක් දුටු හෝ ඇසූ අයෙකු කිසිවක් මෙම අංකවලට අමතා නො කියා තම තමන් ඒ තැන්වලින් ගැලවී යාමයි. එනම් අප අද සිටම මෙම අහේතුකව තරුණ ජීවිතයක් බිය කර යටත් කර දමා ක්‍රියාශ්‍රීලී මානව හිතවාදී අදහස් ගොළු කර දැමීමට විරුද්ධ වෙමි. ඇය සමඟ අප නිතර එක වේදිකාවේ සිටගන්නා අතර ඇය වෙනුවෙන් පොලිසියට ද යාමට වග බලාගමු. ඇයගේ සියළු තොරතුරු අප දන්නා බවත් එය කිසිම ලෙසක හෙලි නො කරන බවත් අපි තවත් කියන්නෙමු. මන්ද කාලකණ්ණි පිසාච ආනන්දයක් ලබාගැනීමට තරම් පහත් මාධ්‍ය කලාවක් තුළ අප සිරව නො සිටින නිසා ය. අප ඇය සමඟ පොලිසියට යමු. එහිදී වූ සියලු තතු ද එතැන් සිට දිග කතාව ද රැගෙන ඔබට සත්‍ය පහදා දෙන්නේ ඉදිරි තරුණ, තරුණියන් ක්‍රියාශීලීව සමාජය ආදරය වෙනුවෙන් පෙනී සිටිය යුතු නිසා ය. නීතියට අප මනුෂ්‍ය වශයෙන් උදවු කිරීම කළ හොඳ පසුපස හඹා එන්නේ නම් අපි එයට එරෙහිව නැඟී සිටිමු. තාරුණ්‍යයේ තවත් තරුණ ජීවිතයක් මිය යන්නට නො තබා ඇයගේ මානසික ගැටලුව අද විසදෙමින් පවතී. නමුත් පොලිසියේදී කුමක් සිදුවේ ද? අපි ඇය සමඟ යන්නෙමු. වගකීමෙන් අපි ඒ තරුණියගේ ක්‍රියාව වෙනුවෙන් පෙනී සිටිමු.
සංවාද සටහන – නුවන් හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: