Alcohol එක්ක මොන party ද අනේ….

February 6, 2017 | 11:31 am    0   1018

Alcohol එක්ක මොන party ද අනේ….

යාළුවෝ එකතු වුණාම පුංචි සතුටක් වුණත් ලොකුවට celebrate කරන්න තරුණ ළමයි හැම වෙලාවෙම try කරනවා. ඒ නිසා එයාලා හරි කැමතියි partyවලට. ඉතින් මේ කොල්ලො කෙල්ලො අතරේ දැන් දැන් වෙද්දි උත්සවවලින් නම් අඩුවක් නෑ. අපරාදේ කියන්න බෑ මත්වෙන එකෙනුත් කිසි අඩුවක් නෑ. තරුණ වැඩිහිටි කියලා වෙනසක් නැතුව අද වෙද්දි උත්සවවලදි මත්පැන් භාවිතා කරන අවස්ථා බොහෝමයක් අපිට අහන්න දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්ද පටන් ගන්න දවසේ ඉඳලා ඉවර වෙනකම්ම තියන විවිධාකාරයේ උත්සව අවස්ථා, සැමරීම් වෙනුවෙන් මේ මත්පැන් පාවිච්චි කරන එක අද වෙද්දි පුරුද්දක් වෙලා. Wedding, Birthday party විතරක් නෙමෙයි අවමංගල්‍ය උත්සව, දාන පිංකම්වලට පවා මේ මත්පැන්වල බලපෑම දැන් ඇති වෙලා තියෙනවා.

අපි ගිය සතියේ කතා කළා වගේ මත්පැන් ආයතන විසින් ප්‍රචාරණයට යොදාගන්නා ක්‍රම ඒකට එක හේතුවක්. නමුත් මෙතන තියන ලොකුම ප්‍රශ්නේ තමන් තමන්ට ආදරේ නැති එක. සෞඛ්‍ය ගැන, පවුලේ අය ගැන හිතන්නේ නැති එක. Partyකට යන්නේ විනෝද වෙන්නනේ. එතකොට alcohol ටිකක් නැතුව කොහොම ද කියලා කියන අයත් මේ වෙලාවේ ඉන්නවා. එහෙම හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් අපිට කියන්න තියෙන්නේ බොහොම පුංචි කතාවක්. alcohol නැතුව විනෝද වෙන්න බෑ කියලා කවුද කියලා තියෙන්නේ? ඒත් ඉතින් අර කලින් කියපු ප්‍රචාරණ ක්‍රමම තමයි. alcoholවලින් ඇති කරවන්නේ අප්‍රසන්න ගඳක් වහනය කරන ශරීරයක් විතරයි.

මත්පැන්වලින් වෙන සිහිය විකෘතිවීමත් එක්ක තැන නොතැන හඳුනගන්න බැරුව, කියන්න යන දේ කියන්න ඕන නැති දේ තෝර බේරගන්න බැරි තමන්ට තමන්ම පාලනය කරන්න බැරි අසංවර කෙනෙක් බවට අනිත් අය අතරේ ඔයාව පත්වෙන එක විතරයි අන්තිමට සිද්ධ වෙන්නේ. ඒ නිසා කවුරුහරි කියනව නම් ඒක trend එකක්, alcohol ටිකක් බොන්නේ නැති කොල්ලෙන්ගෙන් වැඩක් නෑ කියලා හොඳට මතක තියාගන්න ඒ ඔයාට ආදරේට නෙමෙයි කියලා. ඒ ඔයාවත් alcoholවලට පොළඹව ගන්න එයාලට තියන උවමනාව වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ට හොඳ දේ තෝරගන්න පුළුවන් හැකියාවක් ඔයා තුළ ගොඩනැඟෙන්න ඕන. මතකනේ අපි ඒ ගැන Super 8වලත් කතා කළා.

ඒ නිසා මේ වගේ වැඩකට නැති විනාශකාරී පුරුදුවලට යොමුවෙන්න හිතන්නවත් එපා. මොකද හැමදාම healthy life එකක් ගත කරන්න නම් Alcoholවලට ඔයාව පාලනය කරන්න ඉඩ නොදී ඉන්න එක හරිම වැදගත්!

රිද්මි පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: