Despicable Me 3 සමග Gru සහ Minionsලා යළි කරළියට…

May 11, 2017 | 3:00 pm    0   219

Despicable Me 3 සමග Gru සහ Minionsලා යළි කරළියට…

ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට සඳහා කැමැත්තක් දක්වන සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් Despicable Me චිත්‍රපට මාලාවේ තුන්වැන්න එළඹෙන ජූනි මාසයේ දී තිරගත වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙනවා. මේ වනවිටත් නිෂ්පාදන කටයුතු අවසන් කර ඇති එහි පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදාහැර තිබුණේ පසුගිය මාර්තු 14 වැනිදායි. මෙයට පෙර Despicable Me 1, 2 සහ Minions චිත්‍රපට හිමි කරගත් ජනප්‍රියත්වයට නොදෙවෙනි ආකර්ෂණයක් Despicable Me 3 වෙනුවෙන් ද හිමි වනු ඇති බවයි දැනටමත් බොහෝ දෙනාගේ අදහස. සුප්‍රකට Illumination Entertainment සහ Universal Pictures යන නිෂ්පාදන සමාගම් විසින් නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති Despicable Me 3 චිත්‍රපටයේ දී Gru හෙවත් එහි ප්‍රධාන චරිතයට සිය නිවුන් සොහොයුරා Dru යළි මුණගැසීමට ද නියමිතයි. Steve Carell, Kristen Wiig, Trey Parker ඇතුළු ශිල්පීන් විශාල ප්‍රමාණයක් ස්වකීය හඬ දායකත්වය ලබා දී ඇති Despicable Me 3 චිත්‍රපටය Pierre Coffin, Kyle Balda සහ Eric Guillon ගේ සම අධ්‍යක්ෂණයක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: