Facebook එකෙන් වැඩ්ඩන්ට Job

January 23, 2017 | 9:53 am    0   448

Facebook එකෙන් වැඩ්ඩන්ට Job

තාරුණ්‍යයේ සමීපතම කොටස්කරුවෙක් වෙලා ඉන්න Facebook එක කියන්නේ කවුරුත් උදේ නැඟිටපු වෙලාවේ ඉඳලා රෑ නින්දට යනකල් උඩට පහළට යන තැනක්. බැලූ බැල්මට WiFi, Data ඔන් කරපු ගමන් කරලියට එන රඟමඩලක් වුණාට මේක එසේ මෙසේ රඟමඩලක් නෙමේ කියලත් අපි කාටවත් අලුතින් කියන්න ඕන නෑනේ. මොකද ආයතනයක් විදියට ගත්තමත් ලෝකයේ වැඩිම පිරිසක් සේවය කරන දිනකට අතිවිශාල ආදායමක් ලබන ඉහළ පෙළේ ආයතනයක් තමයි ෆේස්බුක් කියන්නේ. FB එකවුන්ට් එකක් හදාගෙන ඒකට රිංග ගන්න බාල, තරුණ, මහලු කාටත් තියෙන්නේ පුදුමාකර ආසාවක් හින්දා ඒ වගේ තැනක රැකියාවක් කරන්න ලැබෙනවා නම් ඒක කොයි තරම් වාසනාවක් ද?

සකර්බර්ගේ Facebook වගේ සුපිරි පෙළේ ආයතනයක රැකියා අවස්ථාවක් ඇමරිකාවෙන් පිටස්තර රටකටත් විවෘත වෙනවා කියන එක වෙලාවකට හීනයක් වගේ වුණත් ඇත්තටම ඒක තවදුරටත් හීනයක් නෙවේ. මිනිස් මනෝභාවයන් ඕනෑවටත් වඩා හොඳට හඳුනාගත්ත සකර්බර්ග් නිර්මාණය කරපු Facebook එකේ වැඩ කරන්නත් දැන් හැබෑ වැඩකාරයන්ට අවස්ථාවක් උදාවෙලා. Facebook ආයතනය ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන අතිවිශේෂ ව්‍යාපෘති 2ක් වෙනුවෙන් ඒ ආයතනයට සේවකයන් බඳවාගන්න නිවේදනයක් නිකුත් කරලා. ලෝකය සමීප කරලා ගෙනත් දෙන Facebook එක හරහා තව තවත් ලෝකය සමීප කරන අරමුණින් නිර්මාණය කරන්න යන දෘඪාංගයක් වෙනුවෙනුයි මේ ව්‍යාපෘති දෙකෙන් එකක් වෙන්නේ. අනික් ව්‍යාපෘතිය වඩාත් ගැඹුරු හැබැයි නිර්මාණශීලීත්වයට මුල්තැන දෙන ව්‍යාපෘතියක් විදියටයි පෙනෙන්නේ. ඒ තමයි බී.සී.අයි. ඉංජිනියර් ව්‍යාපෘතිය. මිනිස් මනස කියවිය හැකි ආකාරයේ යන්ත්‍රයක් නිර්මාණය කිරීම කියන බැරෑරුම් නමුත් ලෝකයේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් ව්‍යාපෘතියක් වෙනුවෙනුයි සුදුසු සේවකයන් බඳවා ගන්න Facebook ආයතනය සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මිනිස් හැඟීම් දැනීම්වලට ගැලපෙන්න හදපු Facebook එක වගේම මිනිස් මොළය කියවන යන්ත්‍රයක් හදන එකත් සකර්බර්ග්ට එතරම් අමාරු කාර්යයක් නො වෙන්න පුළුවන්. ඒ වගේ ලෝක ප්‍රසිද්ධ ඉතිහාසගත වෙන වැඩක කොටස්කාරයෙක් වෙන්න අපේ රටේ දක්ෂ තරුණ පරම්පරාවටත් බැරිකමක් නෑ. ඉතින් කරන්න තියෙන්නේ Facebook ආයතනය ලෝකය විවෘත කරලා තියෙන මේ රැකියා අවස්ථා වෙනුවෙන් ඉක්මණින්ම ඉල්ලුම් කරන එකයි.

අචලා පියරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: