facebook එකේ බොරු දැම්මොත් වැඩ වරදී

December 16, 2016 | 12:30 pm    0   635

facebook එකේ බොරු දැම්මොත් වැඩ වරදී

facebook හරහා විවිධ පුද්ගලයන්ගේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් ව්‍යාජ තොරතුරු  ප්‍රචාරය කිරීමට සංවිධානාත්මක කල්ලි ඇති වී තිබෙමත් ඒ හරහා සමාජයට විය හැකි හානිය පිළිබඳව ෆේස්බුක් සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විශේෂ අවධානය යොමු කර ඒ සඳහා පිලියමක් ලෙස අලුතින් පිරික්සුම් ලේබල් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

ඒ හරහා සිදුවන්නේ ව්‍යාජ තොරතුරක් facebook හරහා ප්‍රචාරණය වන විට facebook සාමාජිකයන්ට එම තොරතුර ව්‍යාජ තොරතුරක් ලෙස report කිරීමට හැකියාව පවතී. වැඩිපුරම report වන තොරතුරු අදාළ රට තුල පිහිටුවන නිල පුවත්සේවා නියෝජිතයන්ගේ අධීක්ෂණයෙන් පසු එම තොරතුරු ලේබලයක් සමඟ පලවීම සිදුවෙයි. එම ලේබලයේ සඳහන් වන්නේ එම තොරතුර ව්‍යාජද, අව්‍යාජද යන්න සටහනකි.

මෙම ක්‍රමවේදය මුලින්ම ඇමරිකාවේ ආරම්භ කරන බවත් පසුව ලොව පුරා එය ව්‍යාප්ත කරන්නට අදහස් කරන බවත් ඇමරිකානු තොරතුරු තහවුරු කිරීම සඳහා Snopes සහ ABC News යන සංවිධාන කටයුතු කරනු ඇති බවත් මාර්ක් සකර්බර්ග් වැඩි දුරටත් කියා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් මාර්ක් සකර්බර්ග් පළ කල facebook නිවේදනය පහතින් දැක්වේ.

මාර්ක් සකර්බර්ග් පළ කල facebook නිවේදනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: