HE සගරාවට වසරක් සපිරෙයි

January 18, 2017 | 1:16 pm    0   555

HE සගරාවට වසරක් සපිරෙයි

ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් එළිදැක්වු ප‍්‍රථම ශ‍්‍රී ලාංකික දේශපාලන සගරාව වන HE සගරාව මගින් දෙවසරක යහපාලනය හා හෙට දවස තේමා කරගත් දේශපාලනික සංවාදය “HE FORUM” ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (17) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

අද පුවත්පතේ කතෘ කාංචන දසනායක හා HE සගරාවේ කතෘ සාරංග විජයරත්න “HE FORUM” මෙහෙය විය.

මෙහිදී වෛද්‍ය සයුර සමරසුන්දර මහතා විසින් HE සගරාවේ පස්වැනි කලාපය අතිගරු ජනාධිපති මෛතීපාල සිරිසේන මැතිදුන් ඇතුළු පැමිණි ප‍්‍රධාන ආරාධිත මැති ඇමතිවරුන් හට පිළිගන්වනු ලැබීය.

“HE FORUM” හී විද්වත් මණ්ඩලයේ මහාචාර්ය රොහාන් සමරජීව, මහචාර්ය සිරිමල් අබේරත්න, අචාර්ය දයාන් ජයතිලක හා අචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් අසුන්ගෙන සිටියේය.

“HE FORUM” හී සංවාද මණ්ඩපයට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, ආචාර්ය මහාචාරවරුන්, රාජ්‍ය නිළදාරීන් හා මාධ්‍යවේදී පිරිසක් එක්ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: