HE FORUM ජනවාරි 17 හිල්ටන්හිදී

දෙවසරක යහපාලනය සහ හෙට දවස තේමා කරගත් දේශපාලනික සංවාදය HE FORUM ජනවාරි 17 සවස 4.30 ට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙයි.

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් එලිදැක්වූ ප්‍රථම ශ්‍රීලාංකික දේශපාලන සගරාව වන HE සංවිධානය කරනු ලබන “HE FORUM” හි විද්වත් මණ්ඩලයට මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය සිරිමල් අබේරත්න, ආචාර්ය දයාන් ජයතිලක, ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ඉමිටියාස් බාකීර් මාකර් මහතා සහභාගිවන අතර HE FORUM හි සංවාද මණ්ඩපය පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්, ආචාර්ය මහාචාර්යවරුන්, මාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරින් ඇතුළු බුද්ධිමතුන්ගෙන් සමන්විත වෙයි.

අද පුවත්පතෙහි කතෘ කාංචන දසනායක සහ HE සඟරාවේ කතෘ සාරංග විජයරත්න HE FORUM මෙහෙයවනු ලබන අතර මෙදින HE සඟරාවේ පළමු සංවත්සර කලාපය අතිගරැ ජනාධිපතිතුමන්ට ප්‍රධානය කිරීමද සිදුවෙයි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 3 =